බදුලු ඔය ගෙවල් යටකරයි

පවතින අධික වර්ෂාවත් සමග බදුලුඔය පිටාර ගැලීම හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ.

ඊයේ රාත්‍රීයේ බදුල්ල සුමනතිස්ස ප්‍රදේශයේ නිවාස 21ක් මෙලෙස ජල ගැල්මට හසුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


ඇතැම් නිවාස අඩි 05ක් පමණ ජලයෙන් යට වී ඇත.


ආපදාවට ලක්වුවන් සඳහා සහන සැලසීමේ කටයුතු මේ වන විට සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.


කෙසේ වෙතත් පසුගිය කාලයේ බදුළුඔය ඉවුර පුළුල් කිරීම සඳහා රුපියල් කෝටි ගණනක වියදමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළත් එය අසාර්ථක වී ඇති බව ප්‍රදේශවාසීන් කියයි.



Post a Comment