පොල්ලකින් පහරදී පුද්ගලයෙක් මරලා

හැටන්, ආගරපතන, ග්‍රේමෝර් වතුයාය ප්‍රදේශයේ දී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ආගරපතන රෝහල වෙත ඇතුළත් කර තිබේ.


පසුව ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ 56 හැවිරිදි ග්‍රේමෝර් වතුයායේ පදිංචිව සිටි අයෙකි.


ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වෙයි.



Post a Comment