පස් කඳු වැටී මහනුවර - මහියංගනය පාර අවහිරයි

පස්කඳු කඩා වැටීම හේතුවෙන් මහුනවර - මහියංගනය ඒ 26 මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

ඊයේ රාත්‍රී 07ට පමණ මෙම පස්කඳු කඩා වැටීම් සිදුව ඇති බව වාර්තා වේ.


මහුනවර - මහියංගනය මාර්ගයේ හුන්නස්ගිරිය, ගලේකැලේ ප්‍රදේශයේ ස්ථාන දෙකකදී මාර්ගයට පස්කදු කඩා වැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.


පස්කදු කඩා වැටුණු ස්ථාන දෙක අතර රථ වාහන 11ක් ද සිර වී ඇති බව වාර්තා වේ.


එම වාහන වල ගමන් ගත් මගීන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.


කෙසේ වෙතත් මේ වන විට අදාළ පස් ඉවත් කරමින් සිටින බව ද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසීය.



Post a Comment