ලාංකික‍ සරණාගතයින් වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවෙක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යයි

ඔස්ට්‍රේලියාවේ රඳවා සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ.

එරට නීති සම්පාදකවරයෙකු වන ඇන්ඩෘ විල්කි විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇත.


අදාළ පැමිණිල්ල මගින් ඔහු සඳහන් කර ඇත්තේ එම සරණාගතයින් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ඔවුන් දැඩි පීඩාවට ලක් කරන බවයි.


මේ හේතුවෙන් අදාළ සරණාගතයින් රඳවාසිටින කඳවුරු සහ ඔවුන්ට ලබාදෙන පහසුකම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස ඇන්ඩෘ විල්කි ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.


කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු අමාත්‍යංශය මෙය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.



Post a Comment