සිංගප්පූරුවේ සිට නිවාඩුව ගතකරන්න ඇවිත් ගුවන් ‍තොටේදීම මරුට

සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ගුවන් යානයක සිටි මගියෙකු හදිස්සි රෝගාබාධයකට ලක්වීමෙන් මියගොස් තිබේ.

අද අළුයම 01.55 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වු ගුවන් යානයක සිටි එම මගියා ගුවන් තොටුපළ වෛද්‍ය ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.


මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගහවෙල, යටිගල්ඔළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකි.


සිංගප්පූරුවේ නැව් සමාගමක සේවය කර නිවාඩුව ගත කිරීම සඳහා ඔහු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන්ය.


මළසිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment