නිවාඩු නිකේතනයේදී සැමියා වසා බීලා

දඹුල්ල, මිරිස්ගෝනියාව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකදී තරුණයෙකු වස පානය කර සියදිවි හානිකරගෙන තිබේ.

පසුගිය 13 වැනි දා රාත්‍රියේ අදාළ තරුණයා නිවාඩු නිකේතනයේ නතර වී ඇති අතර 14 වන දින නිවාඩු නිකේතනයේ සේවකයින් ඔහු පිළිබඳ සොයා බැලිමේ දී ඔහු කාමරය තුළ ඇඳ වැටි සිටිනු බව දැක ඇත.


ඒ අනුව දඹුල්ල පොලිසිය විසින් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ තරුණයා තම බිරිඳ සමග ඇතිකරගත් පවුල් ආරවුලක් මත ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි.


ඔහු නැවති සිටි කාමරයේ කෘමිනාශක බෝතලයක් ද තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.


මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ මැදිරිගිරිය, මහඅඹගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment