දිනිදු යශේන්ගේ පියා රිමාන්ඩ්

දිනිදු යශේන් දරුවා පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ වාහන වලට පහරදී අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට අදාළ එම දරුවාගේ පියා ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් 16 දෙනා ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කර ඇත.


නීතිඥවරුන්ගේ වාහනවලට පහරදී අලාභ හානී සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද විභාග කළ අවස්ථාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසුරිය මහතා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් ද අධිකරණයට පැමිණ සිටි බව සඳහන්ය.


මෙහිදී නීතිඥ උපුල් ජයසුරිය මහතා සඳහන් කළේ ගල්ගමුව නීතිඥ සංගමයේ නීතිඥවරුන්ගේ වාහනවලට පහර දී ඔවුන්ට හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කරන බවයි.



Post a Comment