වසරකට සුනඛයින් ලක්ෂ 13ට නොමිලේ එන්නත් කරනවා

ජලභීතිකා රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 500ක පමණ මුදලක් රජය වැය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වසරකට සුනඛයින් ලක්ෂ 13ට පමණ ජලභීතිකා එන්නත නොමිලේ ලබාදීම සිදු කරන අතර සුනඛ වන්ද්‍යාකරණ සැත්කම් 15,000 ක් පමණ සිදු කරන බව එම අමාත්‍යංශය කියයි.


70 දශකයේ ජලභීතිකා රෝගය හේතුවෙන් මෙරට සිදුවු මරණ සංඛ්‍යාව 350 ක් පමණ වුවත් 2013 වසර වන විට එම මරණ සංඛ්‍යාව 28 දක්වා අඩු වී ඇති බව සඳහන්ය.


ජලභීතිකාව පාලනය කළ හැකි රෝගී තත්ත්වයක් වන නමුත් බොහෝ දෙනෙකු ප්‍රමාද වී ප්‍රතිකාර සඳහා යොමුවන තත්ත්වයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙයි.


සෑම සුනඛයෙකු සඳහාම ජලභීතිකා මර්දන එන්නත ලබා දිය යුතු අතර සුනඛයාගේ වයස සති 04 සිට 06 දක්වා කාලයේ දී පළමු එන්තත ලබා දීම සිදු කළ යුතු බව එම අමාත්‍යංශය සඳහන් කළේය.



Post a Comment