ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
කල්මුණේ ප්‍රදේශයේ දී අද පස්වරුවේ මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි වාර්තා වෙයි.
එළඹෙන මැතිවරණ සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ දෙපාර්ශවයේ අවධානය යොමු වන් ඇති බව සදහන් වෙයි.
මෙම සාකච්ජාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එහි නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිත බව පක්ෂ ආරංචිමාර්ග පැවසුවේය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ බලය විමධ්‍යගත කිරීම, 17 වැනි සහ 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම සාකච්ජාවේ දී අවධානය යොමු වනු ඇති බව සඳහන් වෙයි.
Post a Comment