ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගනිමින් විදෙස් ගතවීමට උත්සාහ කළ සිරියානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
අදාළ විදෙස් ජාතිකයා ජර්මනිය බලා පිටත්ව යාමට සුදානම්ව සිටි බවයි පොලිසිය සඳහන් කළේය.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Post a Comment