අතුරුදන් වූවන් හොයන කොමිසමට පැමිණිලි 19,452ක්

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදන්වුවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා යළි රැස්වීමට නියමිතව තිබේ.

ලබන 27 වනදා සිට දින 4ක් විමර්ශන කටයුතු සිදුකරන බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


27 සහ 28යන දින වලදි මුලංගාවිල් දෙමළ මහා විද්‍යාලයේත් 29 සහ 30 යන දිනවල පූනගරි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේත් විමර්ශන කටයුතු සිදු කෙරෙයි.


පසුගිය වර පැවති විමර්ශන වලදී පැමිණිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ ස්කන්ධපුරම් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ජනතාවට ලබන 30 වැනිදා කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.


කොමිසම රැස්වන 07 වන අවස්ථාව මෙය වන අතර ඊට ලැබී ඇති පැමිණිලි 19,452ක් අතුරින් පැමිණිලි 1000ට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විමර්ශනය කර අවසන් කර ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.



Post a Comment