පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අද (26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
එහිදී ඔහු කියා සිටියේ බන්ධනාගාර නියාමකවරයාට රුපියල් 20,000ක් ලබාදෙන බවට නිලාන් නැමැත්තා ප්‍රකාශ කර ඉන් රුපියල් 4000ක් ලබාදී ඇති බවයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියා නිලාන් නැමැත්තාට ගුවන් තොටුපළේ දී සහය ලබාදී ඇත්තේ අවශ්‍ය ස්ථානවලින් පිටවයාමට බවද හෙතෙම පැවසුවේය.
ඒ අනූව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරින්ගේ ග්‍රහණයෙන් මිදි පළාගිය දේවගේ තුසිත චාමර නොහොත් නිලාන් නැමැත්තා ව්‍යාජ නමක් භාවිත කරමින් රටින් පිටව යාමට උත්සහ ගැනීමේ දී ඊයේ (25) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක ප්‍රමාණයක් ළඟ තබාගැනිමේ චෝදනා මත තලංගම ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 20 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
අනතුරුව ඔහු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි පසුගිය 29 වැනි දින පළාගොස් තිබුණි.
ඊයේ සැකකරු යළි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දිසානායක ධනපාල ආරච්චිගේ සාගර තරිඳු යන ව්‍යාජ නමකින් ඩුබායි යාමට උත්සාහ කළ බව වාර්තා විය.

Post a Comment