පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයක

ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන් අද(26) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කළේ සිය දිගුකාලීන වෘත්තීය ගැටලුවලට බලධාරීන් විසඳුම් ලබානොදීම හේතුවෙන් මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.


අද උදෑසන අටේ සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බව පරපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා සඳහන් කළේය.


කෙසේ වෙතත් හදිසි හා ජීවිතාරක්ෂක සේවා සඳහා පමණක් රෝහල් පරිශ්‍රයන් තුළ සිය නිලධාරීන් රැඳී සිටින බව සමන් ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment