ජවිපෙ සාමාජිකයන්ට ප්‍රහාරයක්

ජවිපෙ නායක අනුර දිසානායක ගේ ප‍්‍රධානත්වයෙන් බඩල්කුඹුර නගරයේදී ජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා වේදිකාව සරසමින් සිටි ජවිපෙ සාමාජිකයින් හට බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු මැර පිරිසක් පැමිණ පහරදීමක් සිදු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද(26) අලුයම 1.00ට පමණ මෙම පහර දීම සිදු වී ඇති බව පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


පොලු මුගුරු රැගෙන පැමිණ ඇති මැර පිරිස් ජවිපෙ සාමාජිකයින් හට අමානුෂික ලෙස පහර දී දේපළවලට අලාභ හානි සිදු කර තිබේ.


මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර බොහෝ වේලාවකට පසුව පොලීසිය පැමිණියද පොලීසිය එම ස්ථානයේ රැඳී සිටියදීම මැර පිරිස් විසින් වෙඩි තැබීමක්ද සිදු කර ඇති බවටද ජවිපෙ චෝදනා කරයි.


කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් ජවිපෙ සාමාජිකයින් හට ලෙස තුවාල සිදු වී ඇති බවද සඳහන්ය.


මොනරාගල දිස්ත‍්‍රික් ජවිපෙ කණ්ඩායම් නායක ආර්. එම්. ජයවර්ධන මහතාගේ නිවසද පිහිටා ඇත්තේ බඩල්කුඹුර නගරය ආසන්නයේ වන අතර එම අවස්ථාවේ ඔහුද එම ස්ථානයේ සිටිය බව කියැවෙයි.



Post a Comment