ස්ථානාධිපතිට වෙඩිතියන්න ගිය කොස්තාපල් රිමාන්ඩ්

දඹුල්ල මුලස්ථාන පොලිස් ස්ථානාධිපති සාරානාත් සමරකෝන් මහතාට T 56 ගිනි අවියකින් වෙඩි තැබීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දඹුල්ල පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අද (26)දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා ඉදිරියට පමුණුවන ලදුව එහිදී බන්ධනාගාර ගත කර තිබේ.


පසුගියදා දඹුල්ල කණ්ඩලම හංදියේ රාජකාරිය සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් බීමතින් සිටින බවට ලද තොරතුරක් මත දඹුල්ල මුලස්ථාන පොලිස් ස්ථානාධිපති සාරානාත් සමරකෝන් මහතා එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිය රාජකාරි ගිනි අවියෙන් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීමට ගොස් ඇත.


සිද්ධියෙන් පසු එම ස්ථානයෙන් අදාළ පොලිස් කොස්තාපල්වරයා පලාගිය අතර බීමතින් එම ස්ථානයේ සිටි අනික් පොලිස් නිලධාරින් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.


කෙසේ වෙතත් එලෙස පලාගිය පොලිස් කොස්තාපල් වරයා ද පසුව අත් අඩංගුවට ගෙන අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් මස 11 වන දින දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.



Post a Comment