පොලිස් නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුවන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කර ඇත.
එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අනුරාධපුර කඳවුරේ බුද්ධි අංශයේ සේවය කරන සෙබළෙක් සහ මුලතිව් කඳවුරේ සේවය කරන සෙබළෙකි.
පසුගිය 24 වැනිදා නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය විලච්චිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුට අදාළ හමුදා සෙබළුන් දෙදෙනා විසින් පහර දී ඇති බව සඳහන්ය.
පහරදීමෙන් පසු සැකකරුවන් පළායාමට උත්සාහ කිරීමේ දී විලච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Post a Comment