පාසල් සිසුවාගේ පිහි පහරින් මහවිල සිසුවෙක්‌ මරුට

කලක පටන් දෙදෙනා අතර පැවැති ආරවුලක්‌ නිසා බෙන්තොට මහවිල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයකු 18 හැවිරිදි පාසල් සිසුවෙකුට (8දා) පිහියකින් ඇනීම නිසා රෝහල්ගත කිරීමෙන් පසු සිසුවා මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ මහවිල පදිංචිව සිටි බෙන්තොට ඇළකාක මහ විද්‍යාලයේ අ.පො.ස. උසස්‌ පෙළ කලා පංතියේ ඉගෙනුම ලැබූ එල්. රුවන් තාරක නමැති සිසුවෙකි.

8 දා සවස 3.30 ට පමණ මහවිල - හොරවල මාර්ගයේදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර සැකකාර සිසුවා ඌරගස්‌මංහන්දිය පොලිසිය අත් අඩංගුවට

ගෙන ඇත. මියගිය සිසුවාගේ මරණ පරීක්‍ෂණය ඊයේ (09දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

මියගිය සිසුවා නිවසේ සිටියදී පැමිණ ඇති සැකකරු, සිසුවා නිවසෙන් එළියට කැඳවාගෙන ගොස්‌ මහා මාර්ගයේදී අනතුරු සිදුකර ඇති බව හෙළිවී ඇත. ඌරගස්‌මංහන්දිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment