ලංකාවේ ශක්තිමත්ම කාන්තාවන් ලැයිස්තුවේ චන්ද්‍රිකා නෑ ශිරානි නෑ පබා ඉන්නවා

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ අලෙවියට තබා තිබූ පොතක් සම්බන්ධව සිය අදහස් පළ කළා.
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් වසර 2012දී නිකුත් කර තිබුණ මෙම පොතෙහි ලංකාවේ මෙතෙක් බිහිවූ ශක්තිමත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවක් පළ කර ඇති බව පෙන්වා දුන් අජිත් පෙරේරා මහතා එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලිගේ නම ඇතුළත්ව තිබුණත් ලංකාවේ වසර 11 ක් පාලනය කළ චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියගේ හෝ පළමු කාන්තා අගවිනිසුරුවරිය වූ ශිරාණි බන්ඩාරනායකගේ නම නැති බව හෙළි කළා.

එක් එක් අයට ඔවුන් සම්බන්ධව දේශපාලන හෝ වෙනත් මත තිබිය හැකි නමුත් රජයේ අමාත්‍යංශයකින් එළිදක්වන ප‍්‍රකාශනයක ලංකාවේ ඉතිහාසය මේ ආකාරයට වළලා දමා අමතක කරවීම ශෝචනීය තත්වයක් බවද ඔහු හෙළි කළා.
එම ප‍්‍රකාශය පහත වීඩියෝවෙන්



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment