ව්‍යාපාරිකයාගේ කකුල කැඩුවාට රොජර් සෙනෙවිරත්නට අත්හිටවූ සිර දඬුවම් - Two-year suspended jail sentence for Roger Seneviratne

ජනප‍්‍රිය නළු රොජර් සෙනෙවිරත්න ඊයේ අවිස්සාවේල්ල අධිකරණයේදී වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත දෙවසරක සිරදඬුවමකට යටත් වුණා. මෙයට හේතුවූයේ ඔහු මින් වසර ගණනාවකට පෙර සිදු කළ වරදකි.
මෙම නළුවා විසින් පැහැරගෙන ගොස් තිබුණ ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් ඇගේ සැමියා පැමිණ නිවසට කැඳවාගෙන ඒමට ගිය අවස්ථාවේ ඔහුට යකඩ පොල්ලකින් පහර දී පාදයකට බරතල තුවාල සිදුකර ඔහු ආබාධිත තත්වයට පත්කිරීමේ චෝදනාවකට රොජර් වරදකරුවී තිබෙනවා.

දෘෂ්ටි විශේෂඥ ආයතනයක හිමිකරුවෙක් වන කෝටිපති ව්‍යාපාරික මිහිර වික‍්‍රමාරච්චි මහතාට අයත් නිවසක මින් වසර ගණනාවකට පෙර 2002 වසරේදී ටෙලි නාට්‍යයක් රූගත කෙරුණ අතර ඒ සඳහා රංගන ශිල්පියෙකු ලෙස සහභාගී වූ රොජර් සෙනෙවිරත්න ව්‍යාපාරිකයාගේ රූමත් බිරිය සමග පේ‍්‍රම සම්බන්ධයක් ගොඩනගාගෙන තිබුණා.ටික කලකට පසුව දෙදරු මවක වූ ඇය සමග රොජර් වෙනම නිවසක පදිංචියට ගොස් තිබුණ අතර ව්‍යාපාරිකයා ඔවුන්ට කරදර කරන්නට ගොස් නැත.

නමුත් ටික කලකින් ව්‍යාපාරිකයාගේ පියාණන්ගේ අභාවය සිදුවී සීයාගේ මළගෙදරට විදේශගතව සිටි ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනා ලංකාවට ආ අවස්ථාවේ මව කොහිදැයි විමසූවිට ව්‍යාපාරිකයා දරුවන්ට රහසක් වශයෙන් තබාගත් කාරණාව හෙළි නොකර බිරිය මළගෙදරට කැඳවා එන්නට සිතා ඇය රොජර් සමග නවාතැන් ගෙන සිටි නිවස සොයා රාත‍්‍රී කාලයක එහි ගොස් ඇත්තේ මළගෙදර ඇවිත් යන්න එන්නැයි ආයාචනය කරන අටියෙන්ය.

මෙම අවස්ථාවේ තමා රැුගෙන ආ බිරිය යළි පැහැරගෙන යන්නට සැමියා පැමිණ ඇතැයි සිතූ රොජර් ව්‍යාපාරිකයාට යකඩ පොල්ලකින් පහරපිට පහර දෙනු ලැබූ අතර මේ හේතුවෙන් ව්‍යාපාරිකයාගේ කකුළක් කැඞී බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මේ සිද්ධියෙන් පසු ඔහුගේ පාදයෙන් අ`ගල් කිහිපයක කොටසක් ඉවත් කරන්නටද සිදුව ඇති අතර සදාකාලික ආබාධිත තත්වයටද පත් වුණා.

යකඩ පොල්ලකින් පහරදී කකුල කඩා දැමීම සම්බන්ධයෙන් වරදකරු වීම නිසාප‍්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්නට අත්හිටවූ සිරදඬුවම් නියම කළ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු දීපිකා අබේරත්න මහත්මිය රුපියල් 3500 දඩයක්ද පාදයට සිදු වූ හානියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් වික‍්‍රාමාරච්චි මහතාට ගෙවන ලෙසටද නියම කළා.


පෙර කී රුපියල් 3500 දඩය නොගෙවන්නේ නම් බරපතල වැඩසහිත මාස හතරක සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරිය එහිදී වැඩිදුරටත් නියෝග කළා.මින් ඉහත කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් විත්තිකරු වරදකරු කරමින් වසරක සිර දඬුවමක් නියම කර තිබූ අතර එම සිර දඬුවමට එරෙහිව විත්තිකාර රොජර් සෙනෙවිරත්න මහතා අවිස්සාවේල්ල මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. එම අභියාචනයේ තීන්දුව ප‍්‍රකාශයට පත්වූයේ ඊයේය.ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව මෙම නඩුව විභාගයට ගත් විනිසුරුවරිය විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළා.

The Avissawella Magistrate today sentenced popular film star and UPFA Western Provincial Council candidate Roger Seneviratne to two years rigorous imprisonment suspended for five years after he was found guilty of causing grievous injuries by fracturing the leg of the husband of his paramour by assaulting him with an iron rod in 2002.

Magistrate Devika Abeyratne also ordered Mr. Seneviratne to pay a compensation of Rs. 200,000 to the victim Mihira Wickremarachchi, and if the compensation was not paid an additional rigorous imprisonment of two years was also ordered. The actor was also ordered to pay a fine of Rs. 3500 and ordered an additional imprisonment of four months if the fine was not paid.

In 2006, the Kaduwela magistrate sentenced the suspect to one year's rigorous imprisonment after he was found guilty of causing grievous injuries by fracturing the leg of Mr. Wickremarachchi.

In 2002, the Talangama Police filed plaint against Joseph Roger Seneviratne that on or about 6 January 2002, he caused grievous injuries to Jayantha Mihira Wickremarachchi at Kalalgoda Road in Pannipitiya by assaulting him with a club. The charge further stated that the leg of Mihira Wickremarchchi was fractured in three places due to the assault with an iron bar and thereby the accused had committed an offense under Section 317 of the Penal Code.

At the trial, it was revealed that the accused who went to act in a tele drama filmed in the house of the complainant, had befriended his wife. Later she had left Mihira Wickremarachchi and went to live together with the actor in another house at Kalalgoda Road and when Mihira had gone to that house the assault had taken place. The magistrate had come to a conclusion that the charges against the accused had been proved beyond reasonable doubt by the Talangama Police and the prosecuting counsel Nalin Ladduwahetti, and the punishment was imposed.

Later, the accused filed a petition at the Court of Appeal against the Kaduwela Magistrate Court judgment and the Court of Appeal released the accused.
Then again, the lawyers of the victim's party filed a petition against the Court of Appeal decision at the Supreme Court, which ordered to quash the Court of Appeal decision and re-open the case again.

Accordingly the Avissawella Magistrate Court took up the case for hearing.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment