ආසියාවේ ක්‍රිකට්‌ ශූරයා තේරීම අද පාකිස්‌තාන-ශ්‍රී ලංකා සටනින් ඇරඹේ - 2014 Asia Cup Starts today.

ආසියාවේ ක්‍රිකට්‌ රටවල් අතර ශක්‌තිය උරගා බැලෙන ආසියානු කුසලාන තරගාවලිය අද (25 දා) බංගලිදේශයේ ෆතුල්ලාහී ශ්‍රී ලංකා - පාකිස්‌තාන තරගයෙන් (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 12.30 ට) ඇරඹීමට නියමිතය.

1983 දී ආසියානු ක්‍රිකට්‌ කවුන්සිලය බිහිවීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් 1984 දී ඇරඹි ආසියානු කුසලානේ දොළොස්‌වැන්න මෙය වේ. මේ දක්‌වා තරග ඉතිහාසයේ වැඩිම වරක්‌ කුසලාන දිනාගත් කණ්‌ඩායම ලෙස ඉන්දියාව (5 වරක්‌) සටහන් වන අතර මෙවර කුසලාන ශ්‍රී ලංකාව විසින් දිනාගතහොත් ශ්‍රී ලංකාවටද තරගාවලි 5 ක කුසලාන දිනා ඉන්දියාව සමග සමතැන් ගැනීමේ හැකියාව තිබේ.

පිට පිටම දෙවැනි වරටත් බංගාලිදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලානට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්‌තානය සහ බංගාලිදේශය යන අයි.සී.සී. පූර්ණ සාමාජිකයන් සමග එහි සම සාමාජිකත්වය දරණ ඇෆ්ගනිස්‌තානයද තරග වදිති. මෙවන් ජාත්‍යන්තර තරග අත්දැකීමක්‌ ලබන පළමු අවස්‌ථාව ලෙසින් ඇෆ්ගනිස්‌තානයට මෙය ඉතිහාසගත තරගාවලියක්‌ වනු ඇති අතර මහේන්ද්‍ර සිං දෝනි වෙනුවට විරාත් කෝලිගේ නායකත්වය යටතේ මෙයට ඉදිරිපත්ව සිටින ඉන්දීය කණ්‌ඩායමට සිය මීළඟ නායකත්වය පිළිබඳ පෙරහුරුවක්‌ ලෙසින්ද මෙය විශේෂ වේ.


සෑම කණ්‌ඩායමක්‌ම අනික්‌ සෑම කණ්‌ඩායමක්‌ම සමගින් තරග වදින ආකාරයට හෙවත් රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර තරග 11 කින් සමන්විතය. මෙම තරගාවලියෙන් පසුව බංගාලිදේශයේම පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් මෙම සීමිත පන්දුවාර තරගාවලිය සියලු කණ්‌ඩායම්වලට එකසේ වැදගත් වනු ඇත.

එහි සමාරම්භක තරගය ලෙසින් අද පැවැත්වෙන තරගයට පකිස්‌තානය පැමිණෙනුයේ අවසන් ආසියානු කුසලානේ ශූරයන් ලෙසින් වන අතර ශ්‍රී ලංකාව මෙයට මුහුණදෙනුයේ ජනවාරි මස අග සිට අඛණ්‌ඩව බංගලිදේශයේ සංචාරය කරමින් ලද හුරුව සහ අත්දැකීම් සමගිනි.

බංගාලිදේශය සමග පැවැති එක්‌දින තරගාවලියේ පූර්ණ ජයත් සමග තමන් තරග කළ අවසන් එක්‌දින තරග 5න් 4 ක්‌ ජයගනිමින් ශ්‍රී ලංකාව මෙම තරගාවලියට පිවිසෙද්දී දකුණු අප්‍රිකාවේදී ප්‍රබල දකුණු අප්‍රිකාව පරාජය කර සහ අනතුරුව සිය අවසන් එක්‌දින තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග 3-2 ක්‌ ලෙස පරදා ලැබූ ජයග්‍රාහී මානසිකත්වය සමග මිස්‌බා උල්හක්‌ගේ නායකත්වයෙන් යුත් පකිස්‌තානය අද තරගයට පිවිසෙනු ඇත.

අද තරගය පැවැත්වෙන ෆතුල්ලා ඔස්‌මානි ක්‍රීඩාංගණයේ මේ දක්‌වා මෙම කණ්‌ඩායම් දෙකම එකදු තරගයකට හෝ ක්‍රීඩා කර නොමැති වීමද කැපී පෙනෙන කරුණකි.

නිත්‍ය ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ආබාධයක්‌ හේතුවෙන් මෙම තරගාවලියට එක්‌නොවන නමුත් ආබාධයකට ලක්‌ව කණ්‌ඩායමෙන් ඉවත්ව සිටි මහේල ජයවර්ධනගේ පැමිණීම මෙම තරගයේදී ශ්‍රී ලංකාවට විශේෂ ශක්‌තියක්‌ වේ. පන්දු යෑවීමේ අංශයෙන් රංගන හේරත්ගේ සහ නුවන් කුලසේකරගේ අඩුව ශ්‍රී ලංකාවට දැනෙනු ඇති නමුත් බංගාලිදේශ සංචාරය තුළ කඩුලු දවාගත් පන්දුයවන්නන් 8 දෙනෙකු ශ්‍රී ලංකා පිලේ සිටීම යම් අස්‌වැසිල්ලක්‌ වනු ඇත.

බංගාලිදේශ සංචාරය පුරා කැපී පෙනෙන ලෙස පිත්ත හැසිරවූ කුමාර සංගක්‌කාර මෙන්ම අවසන් තරගයේදී ශතකයක්‌ රැස්‌කළ කුසල් පෙරේරාද පිතිකරු අංශයේ බලාපොරොත්තු බවට පත්ව සිටින අතර එම අවසන් තරගයේදී අර්ධ ශතකයක්‌ රැස්‌කළ උපනායක දිනේෂ් චන්දිමාල් තවදුරටත් එම රිද්මය පවත්වාගත යුතුවේ. එම දෙවැනි තරගයේදී අංක 9 ස්‌ථානයෙන් පැමිණ ලකුණු 80ක්‌ රැස්‌කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම පිතිකරු ස්‌ථානයේ වැඩිම ලකුණු රැස්‌කළ ක්‍රීඩකයා බවට පත්වූ තිසර පෙරේරා දක්‌වා ශ්‍රී ලංකාවට පිතිහරඹය දෙසින් බලාපොරොත්තු තැබිය හැකි නමුත් වර්තමානයේ ලොව හොඳම දඟ පන්දු යවන්නා වන සයීඩ් අඡ්මාල් මෙන්ම ඉතා දක්‍ෂ ලෙස පන්දු යවමින් සිටින ජුනයිඩ් ඛාන්ගේ වේග පන්දුවත් ශ්‍රී ලංකාවට අභියෝගයක්‌ වනු ඇත.

වේග පන්දු යවන මොහොමඩ් ඉර්µdන් ආබාධයකට ලක්‌ව තරගාවලියෙන් ඉවත්ව සිටීම ශ්‍රී ලංකාවට අස්‌වැසිල්ලක්‌ වන නමුත් නායක මිස්‌බා සහ මොහොමඩ් හµSස්‌ගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට තර්ජනයක්‌ වීමට ඉඩ තිබේ.

මේ දක්‌වා ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ඉතිහාසයේ තරග 43කට මුහුණදී තරග 29ක්‌ ජයගෙන තරග 14ක්‌ පමණක්‌ පරාජය වී කැපී පෙනෙන කණ්‌ඩායමක්‌ ලෙසින් සිටින අතර පාකිස්‌තානය තරග 35 කදී 21 ක්‌ ජයගෙන 13 ක්‌ පරාජයට පත්ව සිටියි.

ශ්‍රී ලංකා සංචිතය - ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, අෂාන් ප්‍රියංජන්, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරංග ලක්‌මාල්, සචිත්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්‌, චතුරංග ද සිල්වා, ධම්මික ප්‍රසාද්.

පකිස්‌තානු සංචිතය - මිස්‌බා උල් හක්‌ (නායක), මොහොමඩ් හµSස්‌, අහමද් ෂෙසාඩ්, ෂාර්ජීල් ඛාන්, ෂහීඩ් අµaරිඩී, උමාර් අක්‌මාල්, ෂොයීබ් මක්‌සූඩ්, µවාඩ් අලාම්, සයීඩ් අ-මාල්, අබ්දුල් රෙහෙමාන්, ජුනයිඩ් ඛාන්, උමාර් ගුල්, අන්වර් අලී, බිලාවල් භාටී, මොහොමඩ් තල්හා.


Pakistan are determined to defend their trophy, but Sri Lanka's captain Angelo Mathews remains optimistic as the two cricket giants face off in the opening match of the five-nation Asia Cup on Tuesday.
Pakistan, who won the title in 2012, are aiming to put pressure on their opponents with a team balancing experienced players and newcomers. Both teams are focusing not just on the opening match but on the whole tournament.
"We have played a lot against Pakistan and India," Mathews told reporters at a news briefing on Monday. "We know them and they also know us."
"All the teams are even. They will want to win the matches. We also would like to win. Hopefully there will be a really good competition," he added. "I think we need to show more good performance to go further," Mathews said.
"Beating Bangladesh 3-0 doesn't mean that it would be easier for us to win the Asia Cup. It will be a tough tournament and there will be huge challenges."
Pakistan skipper Misbah-ul-Haq said on Sunday that they have taken spirit from the series wins over Sri Lanka and South Africa, and will fight to defend the Asia Cup title.The team beat Bangladesh in the 2012 final.
While the team has several relatively-inexperienced players including Sharjeel Khan, Sohaib Maqsood, Mohammad Talha, Bilawal Bhatti and Anwar Ali, it also has Misbah himself and Mohammad Hafeez, who will play a key role in the side's batting.
"Ahmed Shehzad has been part of our team for quite a while, he has been doing well," Misbah said. "Sharjeel Khan had an average series, but he gave glimpses of being a good player, he can time the ball well. We are looking forward to seeing him develop into a good player," he said.
"Maqsood played well in South Africa and against Sri Lanka. With experienced players, a few youngsters like Anwar Ali and Bilawal Bhatti, they are putting together some good scores. I am happy that it is a good, balanced unit," he said.
Misbah is not willing to take the Asia Cup tournament lightly, and is even serious about first-timer Afghanistan.
"All teams have ability to win against any side," he said. "It will be good competition. The last Asia Cup was witness of that — Bangladesh beat two big teams and they came close to us. You can expect any team to win against any team."

Form (latest left-to-right)
Pakistan: LWWLWLWW
Sri Lanka: WWWWLLWL

Players to watch
Junaid Khan remains the real deal in terms of Pakistan's next pace bowling here and will have additional responsibility with Irfan absent. However, so far, the left-armer has relished the challenge to take 73 wickets at an average of 22.28, and his probing off-stump line could be a test of patience for the Sri Lankan strokemakers.
It is obvious that Kusal Perera's hero is Sanath Jayasuriya from his similar batting style and aggressiveness. Although the left-handed opener made a mixed start to his international career, he has shown signs of pushing on as of late. A maiden century against Bangladesh increased his average to over 27, and this tournament provides an ideal platform for the 23-year-old to firmly establish himself at the highest level.

Squads:
Pakistan: Misbah-ul-Haq (captain), Mohammad Hafeez, Ahmed Shehzad, Sharjeel Khan, Shahid Afridi, Umar Akmal, Sohaib Maqsood, Fawad Alam, Saeed Ajmal, Abdul Rehman, Junaid Khan, Umar Gul, Anwar Ali, Bilawal Bhatti, Mohammad Talha
Sri Lanka: Angelo Mathews (captain), Dinesh Chandimal, Lasith Malinga, Tillakaratne Dilshan, Kusal Perera, Kumar Sangakkara, Mahela Jayawardene, Lahiru Thirimanne, Thisara Perera, Dhammika Prasad, Suranga Lakmal, Chaturanga De Silva, Sachithra Senanayake, Ajantha Mendis, Ashan Priyanjan.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment