කොහුවල බැංකුවෙන් ලක්‍ෂ 15 ක්‌ කොල්ලකති - Two rob private bank in Kohuwela

කොහුවල පිහිටි පෞද්ගලික බැංකුවකට ඊයේ (24 වැනිදා) පෙරවරුවේ කඩා වැදුණු අවි ගත් කොල්ලකරුවන් දෙදෙනකු එම බැංකුවේ ගනුqදෙනුකරුවන් බලා සිටියදීම සේවකයන් බියවද්දා එහි තිබූ රුපියල් පහළොස්‌ ලක්‍ෂ පනස්‌ හත්දහසක මුදලක්‌ කොල්ලකා පළා ගොස්‌ ඇත.

මෙම කොල්ලය විනාඩි දෙකක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ සිදු කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වේ.කොල්ලකරුවන් දෙදෙනා මුහුණු ආවරණය වන පරිදි හෙල්මට්‌ (Full Face) පැළඳ සිට ඇති නිසා සී. සී. ටී. වි. කැමරාවලින් සැකකරුවන් අනාවරණය කර ගැනීම අපහසු වී තිබේ.

පිස්‌තෝලයක්‌ හා පිහියක්‌ රැගෙන බැංකුවට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනා ආරක්‍ෂක නිලධාරියාට තර්ජනය කර බිය ගන්වා උදෑසන එකතු වී තිබූ මුදල් හා ගනුදෙනුකරුවකු සතුව තිබූ රුපියල් 54,000 ක්‌ ද සේවිකාවක සතුව තිබූ රන් මාලය ද කොල්ලකා මෙසේ පළා ගොස්‌ තිබේ.මෙම කොල්ලකරුවන් දෙදෙනා පසුගිය සතියේ මතුගම ප්‍රදේශයේ සිදුවූ රුපියල් ලක්‍ෂ නවයේ බැංකු කොල්ලයට සම්බන්ධ අය බවට සැක කරන්නේ යෑයි මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති නිමල් කරුණාරත්න මහතා  පැවසීය.


කොල්ලකරුවන් දෙදෙනා මෙම අපරාධයෙන් පසු කොහුවල දෙසට පළාගොස්‌ ඇතැයිද හෙළි වී ඇත.

කොල්ලකරුවන් පිළිබඳව මෙතෙක්‌ නිසි තොරතුරක්‌ අනාවරණය වී නැති අතර කොහුවල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක වී. පී. ඒ. සුමතිපාල මහතා ඇතුළු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment