මොකද්ද මේ Useless Box ?

පසුගිය කාලයේ අප විසින් පලකල ලිපි වලට ප්‍රතිචාර ලෙස "Useless Box" ගැන සඳහන් කරමින් ප්‍රතිචාර දක්වා තිබුණි. "Useless Box" සම්බන්ධව ආතර් සී ක්ලාක්ර් මහතාද සඳහනක් කර ඇතිහෙයින් යුස්ලස් බොක්ස් සම්බන්ධව මෙසේ සටහනක් තබන්නෙමු. 

යුස්ලස් බොක්ස් එකෙහි නිර්මාතෘ වරයා වන්නේ කෘතීම බුද්ධිය සම්බන්ධ කීර්තිමත් මහාචාර්යවරයෙකු වූ මාර්වින් මින්ස්කිය. ඔහුගේ උපාධිය අවසන් කල කාලය වන විට ඔහු මෙම නිර්මාණය නිපදවා ඇත. 

ඔහු එය නම්කොට තිබුනේ "Ultimate Box" යනුවෙනි. නමුත් එය එතරම් ජනතාවගේ ආකර්ෂණයට බඳුන් වුයේ නැත. මෙය "Leave me alone Box" යනුවෙන්ද හඳුන්වනු ලැබේ. 

පසුව මාර්වින්ගේ සහයකයෙකු වන "බෙල් ලැබ්" හි සේවය කල ක්ලෝඩ් ශානොන් විසින් ඔහුගේම අදහස් වලට අනුකුලව "යුස්ලස් බොක්ස්" එකක් තනා ඇත. 

ඔහුගේ මේසය මත මෙය තබා තිබී ඇති අතර එය දුටු ආතර් සී. ක්ලාක් මහතාගේ සිත එය වෙත ඇදී ගොස් ඇත. පසුව ආතර් සී ක්ලාක් මහතා ඒ පිළිබඳව මෙසේ සටහනක් තබා ඇත. 

"එකේ මොකක්හරි කියාගන්න බැරි මුසල කමක් තියෙනවා. මුකුත්ම කරන්නේ නැති මැෂින් එකක්..ඇත්තෙන්ම කිසිවක් වෙන්නේ නැහැ..එයාම ස්විච් ඔන් ස්විච් ඔෆ් කරනවා විතරයි"

යුස්ලස් බොක්ස් විවිධාකාරයෙන් වෙළඳපොළට මේවනවිට පැමිණෙන අතර ඒ අතර කාලය කා දැමීම සඳහා අපූරු උපාංගයන්ගෙන් යුතු යූස්ලස් බොක්ස් වනවා. 

එවැනි යුස්ලස් බොක්ස් කිහිපයක වීඩියෝ බලන්න පහතින්

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment