මධු හා සුසාර විවාහ වෙයි

මධුගේ සැබෑ නම හෙළිවෙයි
මධු සමය ලන්ඩනයේ


"සිරස" නාලිකාවේ හිටපු විශේෂාංග අංශයේ ප‍්‍රධානී "මහනාම සූරසේන" නොහොත් සුසාර දිනාල් මෙයට ටික කලකට ප්‍රථම සිය බිරිඳගෙන් දික්කසාද විය.

සුසාර දිනාල් විවාහ වී සිටියේ සිය නෑනා සමගය. විවාහයෙන් පසුව සුසාර දික්කසාදය නෑනා ගෙන් ලබා ගන්නේ "ලිංගික ගැටළුවක්" බව කරුණු දැක්වීමෙන් අනතුරුවය.

එම ගැටලුව මගහැරවාගනිමට සුසාර සිය දෙවන බිරිඳ ලෙස ලං කරගත්තේ සිරස දිගන්තය මගින් ජනප්‍රියත්වයට පත් මධු බෝගහවත්තය. (අයගේ සැබෑ නම තිලිණි නිරංජලා බෝගහවත්ත වේ)

දික්කසාදය ලබාගැනීමෙන් අනතුරුව හෝමාගම දියගම පාරේ පදිංචිව සිටි මධු, සුසාර සමග තලවතොගොඩ ප්‍රදේශයේ මෙයට ටික කලකට ප්‍රථම එකට වාසය කරන බවට වාර්තා විනි.


නමුත් සුසාර දිනාල් බස්නාහිර පළාත් සභා ජන්දයට තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින හෙයින් එම සම්බන්ධතාවයට නීත්‍යනුකුල තත්ත්වයක් ලබාදෙමින් විවාහ ජීවිතයට ඇතුළුවූ වී ඇත. සුසාර දිනාල් මධූ සමග මධු සාමය ගත කිරීම සඳහා ගොස් ඇත්තේ ලන්ඩන් වෙත බවද අප වෙත වාර්තා වුණි.

අලුත විවාහ වූ සුසාර දිනාල් සහ මධූ විවාහ ජීවිතය පිළිබඳව සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මෙසේය.

හරි එහෙනම් කියන්න ඇයි සද්ද නැතුවම විවාහ උනේ?
නෑ සද්ද නැතුවම සිදුවුණු විවාහයක් නෙවෙයි. දෙපාර්ශවයේ මාපියන්ගේ ආශිර්වාදය මැද සාමන්‍යය සම්ප්‍රදායට අනුව අපේ යාළුවො මිත්‍රයෝ ඉදිරියේ සිදුවුණු විවාහයක්. අපේ විවාහය අඬබෙර ගහන්න ඕන තරම් සිද්ධියක් නොවන නිසා වැඩිය සද්ද බද්ද දැම්මේ නැහැ.

මාධ්‍යයට සම්බන්ධ දෙන්නෙක් වෙලත් මාධ්‍යයට වසන් කලේ ඇයි?
විවාහය කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ පෞද්ගලික කාරණයක්නේ. මාධ්‍යය හරහා ප්‍රසිද්ධ කරන්න තරම් අවශ්‍යතාවයක් මට තිබුනේ නැහැ.

තවමත් බොහෝ දෙනෙක් නොදන්නා සුසාර මධු ප්‍රේම කතාව ගැන කියන්නකෝ
බොහෝ ප්‍රේම කතාවල වගේ ඇයව දැක්කම මගේ හිතට දැනුන හැඟීමක් නිසා ඇතිවුණු දෙයක්. ඊට පස්සේ කාලයත් එක්ක ඒ ආදරය මගේ මාර්ගයෙන් ඇයට දැනගන්න ලැබුනා. ඒ කාලය මගේ ජීවිතයේ තීරණාත්මක කාලයක්. ජීවිතයේ ගොඩක් පසුබෑමක හිටපු කාලයක්.මගේ අදහස ඇයට කිව්වට පස්සේ ව ගැන විවෘත මනසකින් හිතල දෙමව්පියන්ගේ කැමැත්ත ලැබුනට පස්සේ අපි විවාහ උනා.

ඇයි මේ මධුව ගෘහනියක් කරලා?
නෑ එහෙම එකක් නැහැ. ඇයට ඕනෑම දෙයක් කරන්න පුළුවන්.ඇය බොහොම සාර්ථකව බිරියකගේ යුතුකම් ඉටු කරනවා.

එතකොට මධු කියන ජනප්‍රිය නිවෙදිකාවට මොකද වෙන්නේ ?
මධූ කියන්නේ නිවෙදිකාවක්නේ. එත් එයාගේ ඇත්ත නම් මධූ නෙවෙයි. තිලිණි නිරංජලා බෝගහවත්ත. මම කියන්නේ තිලිණි කියලා. තිලිණිව අඳුර ගත්තේ මධූ කියන නිවේදිකාව විදියට බව ඇත්ත. එත් නිවේදනය වෘත්තියක් විදියට කරගෙන යද්දී ලොකු කැප කිරීමක් කරන්න වෙනවා. විශේෂයෙන්ම ඇය සිරස ටී.වී සහ වයි එෆ්.එම් වල ප්‍රධාන නිවේදිකාවක් විදියට වැඩ කළා.

දැන් දවස ගෙවනවද..දවස ගෙවාගන්න උත්සාහ කරනවද?
ඒ දෙකම තියෙනවා.සමහර දවස්වල දවස ගෙවනවා දැනෙන්නේ නැහැ. සමහර දවස් ගෙවා ගන්න බැහැ. පෞද්ගලික ජීවිතයේ නම් විවාහ වුන අලුත නිසා ඉතාම සතුටින් ගෙවිලා යනවා.දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ එහෙම ගෙවාගන්න දවස් නැතිකම.

ගෙදරට වෙලා ඉන්දැද්දී මොනවද කරන්නේ?
මම පවුලේ එකම ළමයා.. අම්ම ඉන්නේ මාත් එක්ක..තාත්ත ඉන්නේ අපේ මහා ගෙදර..තව මට ඉන්නවා බල්ලෙක්..එයාලා එක්ක ඉන්න තමා කැමති..තිලිනි හරි කැමති කෑම ජාති හදන්න..ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන එක එක රස කෑම හදනවා.. හවසට අපේ ගේ ඉස්සරහ වෙල් යායේ මගේ ප්‍රියතම ඇඳුම සරමත් ඇඳගෙන නිදහස ඇවිදිනවා..

විවාහ ජීවිතේ ඔය තියන රහ තියෙන්නේ ටික කාලයයිලු.
එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. එහෙම නොවෙන්න තමයි අපි දෙන්නම කටයුතු කරන්නේ

අර ඉටු කරගන්න බැරි හීනය ගැන කිව්වේ...ඒ මොකක්ද...?
මම හරි ආසයි ට්‍රේල් බයික් එකක පෙම්වතියව තියාගන නුවර එළියේ යන්න. ඉස්කෝලේ යන කාලේ ඉඳලා තිබුණි හීනයක් ඒක. තවම සැබෑ කරගන්න බැරි වුණා.

ඇයි බිරියට පෙම්වතියක් වෙන්න බැරිද?
දැනට නම් ඒ වගේ තමයි. එයාගේ අතේ තමයි වගකීම තියෙන්නේ. ඒ වෙනුවෙන් මට පුළුවන් දේ කරන්න මම තවම උත්සාහ කරනවා.

පවුල් වුණා නම් බිරියට විතරක් ඒ වගකීම් පටවලා ෂේප් වෙන්න බෑ...
ඒක ඇත්තටම අභියෝගයක්. මම පෞද්ගලිකවම රස්සාවත් එක්ක ජීවත් වුණු කෙනෙක්. මම ඉදිරියේදී තෝරාගන්න අපේක්ෂා කරන වෘත්තිය ඊටත් වඩා කාර්යබහුල වෙයි. හැබැයි මේ ප්‍රශ්නය අවබෝධය මත්ජ ජයගන්න පුළුවන්
(හිටියට වඩා චුට්ටක් විතර මහත් වෙලා. හැබැයි පුරුදු ලෙංගතු හිනාවමයි. මධු හිනා වෙවී සසාර ලඟින් වාඩි වුණා)

මොකද මධු හැංගිලා?
හැංහිලා නෑ කොහොමත් මම ෆීල් එකට එන්න කලින් හිතාගන හිටපු දෙයක් තමයි මැරි කරන්න කියලා තීරණය කොළොත් මම කරන ඕනෙම ජොබ් එකකඉන් ඉවත් වෙනවා කියන එක.

සුසාරගේ ප්‍රේම ආරාධනාව පිළිගන්න තරමටම ඔහුට තිබුණු සුදුසුකම මොකක්ද?
මම හිතන්නේ ඔහු මාව හොඳින් බලාගත්තා. මට ආදරෙයි.

ඉදිරියේදී මධු කියන නිවේදිකාව දකින්න ලැබෙයිද?
මගේ නම් බලාපොරොත්තුවක් නෑ.

ඒක තිලිණිට කරන සාධාරණයක් වුණාට මධූට කරන අසාධාරණයක් නේද?
මම හිතනවා මගේ ෆැමිලි ලයිෆ් එක මම දැන් ගෙනිච්චා නම් හොඳයි කියලා.

පේන විදිහට සුසාර නීති දානවා වගේ?
එයා මගේ වෘත්තිය සමබන්ධයෙන් නම් කිසිම බලපෑමක් කරලා නෑ. ඒක මගේ තීරණයක්. හැබැයි එයා නීති දානවා. මම ඒකට කැමතියි. නීති දානවා කියන්නේ එතැන ආදරය, රැක බලාගැනීම තියනවා කියන එකනේ. මම අඳින පලඳින විදිය තමයි එයා වැඩිපුරම හොයන්නේ.

එහෙනම් දෙන්නා අතරේ පුංචි පුංචි නොහොඳ නෝක්කාඩුත් ඇති?
පොඩි පොඩි රංඩු නැත්නම් පුදුමයක්නේ. අපේ සභාපතිතුමා විවාහ මංගල්‍යය වෙලාවේ හොඳ උපදේශනයක් දුන්නා. ඒ තමයි පවුල් ජීවිතයේ පළමුවැනි රංඩුව වෙන්න දෙන්න එපා කියලා. කේන්ති ගිහාම සුසාර ඒක මතක් කරනවා.

මොනවද අලුත් අවුරුද්දේ මධුගේ බලාපොරොත්තු?
මෙයාගේ ඉදිරි වැඩ කටයුතු වලට උදව් කරන එක. ඒ වගේම මෙයාගේ සාර්ථකත්වය දකින එක.

එතකොට සුසාරගේ බලාපොරොත්තු?
මම වෘත්තීය වශයෙන් දුර ගමනක් ආපු කෙනෙක්. මම ආපු ගමනේ ෆේල් වුණේ නෑ. ඉදිරියටත් ෆේල් වෙන්න බෑ. සාර්ථක පුරවැසියෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා

ඇයි ඔයාලා අතරට අලුත් සමාජිකයොත් එකතු වෙයි?
සමහර විට...නේද තිලිණි?

සුසාර අලුත් පිම්මක් පනින්න හදනවා කියන්නේ ඇත්තද?
ඔව්. මම මාධ්‍ය වෘත්තියෙන් යන්න පුළුවන් ඉහලටම ගියා. ඉන් එහාට පුරවැසියෙක් විදිහට අපිට වගකීමක් තියනවා. ඒ සඳහා තීරණයක් ගත්තා.

බැඳපු ගමන් සැමියාව මහජන සේවයට කැප කරන්න ලෝබ නැද්ද මධු?
එයා මහජන නියෝජිතයෙක් වෙන්නේ ගෙදරින් එළියෙදී විතරයි. ගෙදරට එන්නේ මගේ ස්වාමියා විදිහට.







IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment