මහා පරිමාණ කැස්බෑ ජාවාරමක් හෙළිවෙයි - Turtle slaughterhouse raided in Negombo

සංචාරක හෝටල්වලට මස් පිණිස අලෙවි කිරීම සඳහා මුහුදු කැස්බෑවන් මහා පරිමාණයෙන් රැගෙන විත් ඝාතනය කරන ජාවාරමක් පිළිබඳව තොරතුරු  අනාවරණය වුණා. පානදුර - වලාන දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම ජාවාරම පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. මීගමුව - මැදපිටිපන ප‍්‍රදේශයේ සංචාරක හෝටල් ආශ‍්‍රිතව මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඝාතනය කරන ලද මුහුදු කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරුද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.

මීට අමතරව ඝාතනය කිරීම සඳහා සූදානම් කර සිටි තවත් කැස්බෑවන් හතරදෙනෙකු සොයාගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම ස්ථානයේ දීර්ඝ කාලයක් පුරා මුහුදු කැස්බෑවන් එක් රැස් කරමින් ඝාතනය කර සංචාරක හෝටල් සඳහා මස් පිණිස ඉහළ මිලකට විකුණා ඇති බවයි සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

මේ අතර කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට අතුරුදන්වූ සුදු කැස්බෑවා සම්බන්ධයෙන් පරීක්ෂණ අඛන්ඩව සිදුකරන බව පොලීසිය සඳහන් කළා. 


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ පොලිස් කණ්ඩායම් දෙකක් මේ පිළිබඳව පුළුල් වශයෙන් පරීක්ෂණ සිදුකරන බවයි. නුදුරු දිනයකදී ඊට අදාළ සම්පූර්ණ තොරතුරු හෙළි කරගැනීමට හැකිවනු ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. පසුගිය වසරේ දෙසැම්බර් මස 15 වැනිදා රාත‍්‍රි කාලයේදී කොස්ගොඩ - හිද්දරුව කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් දුර්ලභ ඝනයේ ඇලි කැස්බෑවෙකු කිසියම් පිරිසක් විසින් සොරාගත් බවට තොරතුරු අනාවරණය වුණා. දුර්ලභ ඝනයේ මෙම ඇලි කැස්බෑවන් 5 දෙනෙකු පමණක් ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබෙන අතර ඉන් හතරදෙනෙකුම සිටින්නේ මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේයි.



The Walana police Anti- Vice squad today raided a place where turtles were slaughtered to be sold for meat in Pitipana, Negambo, and arrested the person who surreptitiously operated it for a long time.

At the time of the raid, two turtles were found butchered for meat. Besides, there were two live turtles apparently kept to be slaughtered later. The police also seized ten kilogrammes of turtle meat and shells.

The police revealed that the turtles were being killed to provide meat for businessmen and other professionals. Police said more 100 of turtles had been killed so far in the slaughterhouse. Turtles are an endangered species of animals. The police said top professionals, and hoteliers were among the clients of this place.

Fishermen who caught turtles in their fishing nets had sold them out to this person for slaughter. It is learnt that a kilogramme of turtle meat has fetched Rs.1000. Some foreigners have also purchased meat from this place, according to initial investigations by the police. Fishermen, living along the coastal belt, are used to consume turtle meat which is considered nutritious.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment