මංගල තම සැමියා සමඟ ලිංගික ඇසුරක් තිබුණා - ලැප්ටොප් හොරාගේ බිරිය

"බීච් බෝයි කෙනෙකු වන සැමියා හා මංගල අතර තිබුණේ අසම්මත සම්බන්ධයක්"
"මංගලගේ නිවසේ මගේ සැමියාට වෙනම කාමරයක් තිබුණා"

මංගලගේ නිවෙසින් රට බීම බෝතල් සොරා ගත් බවට චෝදනා එල්ලවී දැනට අත්අඩංගුවේ සිටින ෂෙවාන් ප්‍රියංකරගේ බිරිය නිරෝෂා ප්‍රනාන්දු දිවුරුම් පෙත්සමකින් අධිකරණයට කරුණු දක්වයි.

මංගල සමරවිර මහතා තම සැමියා සමඟ පැවැත්වූ ලිංගික සබඳතා නැවැත්වීම සඳහා තම සැමියා නොකළ වරදකට හසු කළ බවත්, ලැප් ටොප් පරිගණකය හා රට බීම බෝතල් සමරවීර මහතාගේ නිවෙසින් තම සැමියා රැගෙන ආවේ ඔහුගේ අවසරය මත බවත් ෂෙවාන් ප්‍රියංකර නමැති සැකකරුගේ බිරිය ඊයේ (13) දිවුරුම් ප්‍රකාශයක් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් කරුණු දැක්වූවාය.

තම සැමියා හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා තමන් පදිංචි වෙරළබඩ, රත්මලානේ, දුම්රියපොළ පාරේ නිවසට වරින්වර පැමිණ තිබෙන බවත්,තම සැමියාද සමරවීර මහතා හමුවීමට පානදුර කෙසෙල්වත්තේ පිහිටි ඔහුගේ නිවෙසට යන එන බවත් මංගල සමරවීර මහතා සමඟ සමලිංගිකව හැසිරෙන බව තම සැමියා පිළිගත් බවත් දිවුරුම් ප්‍රකාශය මගින් සැකකරුගේ බිරිය දන්වා සිටියාය.


මෙම පැමිණිල්ල පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ ඊයේ (13) කැඳවූ අවස්ථාවේ සැකකරුගේ බිරිය ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මගින් මේ දිවුරුම් ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කැර ඇත.

මේ සමලිංගික සම්බන්ධය මත ඔහු නිතරම සමරවීර මහතාගේ නිවසට ගොස් මුළු රැයම පහන්කැර පැමිණෙන අතර ඒ පිළිබඳ ප්‍රශ්න කරනවිට තම සැමියා අවස්ථා ගණනාවකදී තමාට පහරදුන් බවද මේ පිළිබඳ මීට මාස කිහිපයකට පෙර ගල්කිස්ස පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ තම සැමියා සමලිංගික සබඳතා පවත්වන්නේ මංගල සමරවීර මහතා සමඟ පැවසූ විට තම පැමිණිල්ල බාර ගැනීම පොලිසිය ප්‍රතික්ෂේප කළ බවද දිවුරුම් ප්‍රකාශයෙන් සැකකරුගේ බිරිය වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

මංගල සමරවීර මහතා පැමිණ ඔහුගේ නිවසට තම සැමියා රැගෙන යන බවත් ඔහුගේ නිව‍ෙස් තම සැමියාට වෙනම කාමරයක් වෙන්කර තිබූ අතර අවස්ථා දෙකකදී නවීන අධික මිලකින් යුත් ජංගම දුරකතන දෙකක්ද මිලට ගෙන දී තිබූ බවත් පවසන සැකකරුගේ බිරිය පසුගිය දෙසැම්බර් මාසයේ සිට මංගල සමරවීර මහතා වෙන්වී ඇතැයි සැමියා වරින්වර තමා සමඟ පැවසූ බවත් දන්වා සිටියාය.

එයට හේතු ලෙස සැමියා දන්වා සිටියේ "සමීර" නමැත්තෙකු මංගල සමරවීර මහතාට සමීප වී සිටින බවයි. "මට බෝට්ටුවක් අරන් දෙන්න පොරොන්දු වුනා. හැබැයි ඒ මොකවත් නෑ. දැන් සමීර අයියාට ගෙයකුත් අරන් දීලා. මරුටියකුත් අරන් දීලා කියා තම සැමියා පවසා සිටි බවද සැකකරුගේ බිරිය සිය දිවුරුම් ප්‍රකාශයෙන් පවසා සිටී.

මේ සර්ගේ ගෙදර පාවිච්චි කළ ලැප්ටොප් එක. මම ඒක අරගෙන ආවා. යැයි තම සැමියා දිනක් පවසා සිටි බවත් එහි තම සැමියා හා මංගල සමරවීර මහතා සිටි ඡායාරූප ඇති අතර තොරතුරු රැසක් තිබුණ බවත් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කැර ඇත.

මුදල් අවශ්‍ය වී ඒ බව සමරවීර මහතාට දැන්වූ විට ලැප්ටොප් එක උකසට තබා මුදල් ගන්නා ලෙසත් ඊට පෙර එහි තිබූ මාතර විරෝධතාවට අදාළ දර්ශන හා මාගේ සැමියා සමග එකට ගත් ඡායාරූප මකා දමන්නැයි සමරවීර මහතා දැන්වූ බවත් ඉන් පසු දෙසැම්බර් 19 වැනිදා මොරටුවේ ස්ථානයකට එය උකස් කැර රුපියල් 12000ක් ලබාගත් බවත් සැකකරුගේ බිරිය අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයෙහි සඳහන් වෙයි.

රටබීම බෝතල් කිහිපයක් තිබෙනවා. විකුණලා මුදල් කරගන්න කියා සමරවීර මහතා කී නිසා සමරවීර මහතාගේ නිවසට ගොස් මේ රටබීම බෝතල් රැගෙන එනවිට තම සැමියා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි දිවුරුම් ප්‍රකාශය මගින් පවසා සිටින සැකකරුගේ බිරිය සැමියා නිවසට හොරෙන් ඇතුළු වී රටබීම බෝතල් කිහිපය හා ලැප්ටොප් පරිගණකය රැගෙන ගිය බවට පැමිණිලිකැර ඇතැයිද දන්වා ඇත.

එම ප්‍රකාශය පොලිසියට කැර ඇත්තේ මංගල සමරවීර මහතා නම් එය සම්පූර්ණ අසත්‍යයක් බවත් තම සැමියාගෙන් වෙන්වීම සඳහා ඔහුට විරුද්ධව මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බවත් දිවුරුම් පෙත්සමෙන් අධිකරණයට කරුණු දැක්වූ සැකකරුගෙ බිරිඳ ලැප්ටොප් පරිගණකය හා රටබීම බෝතල් සැමියා ලබාගත්තේ මංගල සමරවීර මහතාගේ අවසරය මත බැවින් මේ සියල්ල හෙළි කිරීමට අදහස් කළ බවද වැඩිදුරටත් දන්වා සිටියි.

මේ දිවුරුම් ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත්වරයා පානදුර කෙසෙල්වත්ත පොලිසියට ඊයේ (13) නියම කළ බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පවසයි.

සැකකරුට විරුද්ධව කළ පැමිණිල්ල හුදෙක් ලිංගික ඊර්ෂ්‍යාව මත සිදුකළ පැමිණිල්ලක් බවට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් ඊයේ (13) අධිකරණයට කරුණු දක්වා ඇත.

ඒ අනුව සැකකරු වූ ෂෙවාන් ප්‍රියංකර නමැත්තා රුපියල් පන්දහසක මුදල් හා රුපියල් විසිපන්දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඊයේ (13) මුදා හැරිය බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසීය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment