රෝසිගේ අයිතිකරු රිමාන්ඩ් කරයි - The Kosgoda turtle hatchery owner arrested

අසත්‍ය ප්‍රචාරය හා වනජීවී පනත උල්ලංඝනය කරලා
අසත්‍ය පැමිණිල්ලක්‌ සිදු කර පොලිසිය නොමග යෑවීම සහ වනසත්ව හා වෘක්‍ෂලතා පනතට පටහැනිව කටයුතු කිරීම යන චෝදනා මත කොස්‌ගොඩ කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබ්‍රෙව් සහ එහි ආරක්‍ෂකයන් දෙදෙනකු ඊයේ (15දා) පස්‌වරුවේ මාතර කොට්‌ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ හිමිකරු සමග අත්අඩංගුවට ගත් අනෙක්‌ දෙදෙනා දමින්ද නාමල් කුමාර සහ සිඩ්නි ද සොයිසා නමැති කොස්‌ගොඩ පාසල් මාවතේ පදිංචිකරුවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

කැස්‌බෑ මධ්‍යස්‌ථානයේ හිමිකරු ඊයේ (15දා) ඔහුගේ දියණියගේ නිවසේ සිටියදී අත්ඩංගුවට ගෙන ඇති අතර අනෙක්‌ පුද්ගලයන් දෙදෙනා කිසියම් වුවමනාවක කොස්‌ගොඩ මුහුදු වෙරළට පැමිණ සිටියදී පොලිස්‌ අත්අඩංගුවට පත්වී ඇත.මෙසේ අත්අඩංගුවට ගැනීමට පෙර කැස්‌බෑ මධ්‍යස්‌ථානයේ හිමිකරුගේ ප්‍රධානත්වයෙන් කැස්‌බෑවා නැතිවීම සහ යළි හමුවීමේ සිද්ධිය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක්‌ද පවත්වා තිබේ.මීට මාසයකට පමණ ඉහතදී කොස්‌ගොඩ පිහිටි කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ ටැංකියක සිටි රුපියල් කෝටි හතරක්‌ පමණ වටිනා බව කියන සුදු කැස්‌බෑවකු අතුරුදන් වී ඇතැයි පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබිණි.
එම පැමිණිල්ලත් සමග සුදු කැස්‌බෑවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රට පුරා මහත් ආන්දොaලනයක්‌ ඇති වූ අතර අතුරුදන් වීමට පෙර අවස්‌ථාවක කැස්‌බෑවා මිලදී ගැනීමට යැමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට ද පොලිසිය කටයුතු කළේය.

පසුව අතුරුදන් වූ කැස්‌බෑවා සොයා ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළ අතර එම විමර්ශනයට අනුව පෙරේදා (14 දා) පස්‌වරුවේ අතුරුදන් වූ කැස්‌බෑවා කොස්‌ගොඩ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබ්‍රෙව් නැමිත අයගේa දියණියක පදිංචිව සිටින අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී සොයා ගැනීමට මාතර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් විය.

ඒ සමග සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ හිමිකරු සහ ඔහුගේ දියණිය විසින් පොලිසිය සොයාගනු ලැබුවේ නැතිවූ කැස්‌බෑවා නොව වෙනත් එකකු බවට ද ප්‍රකාශයක්‌ කර තිබුණි.

ඔවුන් කළ ප්‍රකාශයත් සමග මීට පෙර කැස්‌බෑවා මිලදී ගැනීමට ගිය බව කියන ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා කැඳවා සොයාගත් කැස්‌බෑවා ඔහුට පෙන්වා ඒ පිළිබඳ තහවුරු කරගැනීමක්‌ සිදු කිරීමට පොලිසිය කටයුතු කළේය. එහිදී අම්බලන්ගොඩ නිවසේ සිට හමුවූ සුදු කැස්‌බෑවා මීට පෙර තමන් මිලදී ගැනීමට ගිය කැස්‌බෑවා බව ගායක අමල් පෙරේරා මහතා තහවුරු කළ බව පොලිසිය සඳහන් කරයි.

මේ අනුව ඉදිරි විමර්ශන ආරම්භ කළ පොලිසිය ඊයේ (15දා) කැස්‌බෑ මධ්‍යස්‌ථානයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබ්‍රෙව් යන අය හා එහි සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (16 දා) බලපිටිය මහෙස්‌ත්‍රාත්වරයා හමුවට පැමිණිවීමට නියමිතව ඇත. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත මාතර කොට්‌ඨාස අපරාධ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Turtle hatchery owner Chandrasiri Abrew, who the focus of much media attention lately was arrested by the Matara Anti Vice squad in connection with the albino turtle going missing, police said.

He was arrested on suspicion after the police found that the statements given by the owner and his employees were contradictory.

He had first complained that he had four albino turtles in the hatchery with one of them going missing. Subsequently two albino turtles were found in his daughter's home in Ambalangoda yesterday while the other two were in his hatchery at Kosgoda. Police raided her house after being tipped off that Mr. Abrew was seen carrying sea water to the daughter's house from the day that the turtle was reported missing.

Investigations had revealed that the four turtles had been located and as such the police believe that the owner had made a false complaint for reasons best known to him.

The suspect will be produced at the Balapitiya Magistrate's Courts tomorrow.

The albino turtle said to be worth more than Rs.35 million was reported lost sometime in December.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment