කැස්බෑවෝ දෙහිවලට - කැස්බෑ හිමිකරුට ශරීර ඇප

කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබ්‍රෙව් සහ එහි ප්‍රධාන සේවක දමින්ද සමන් කුමාර යන සැකකරුවන් දෙදෙනා මුදල් සහ ශරිර ඇප මත මුදා හැරීමට බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය. චෝදනා දෙකක් යටතේ චන්ද්‍රසිරි ආබ්‍රෙව් උසාවිය හමුවට අද (16) ඉදිරිපත් කර තිබිණි.

1 වැනි චෝදනාව ලෙස අම්බලන්ගොඩ පොලිසිය දැක්වූයේ කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි 'රෝසි' නමින් හඳුන්වා දුන් කැස්බෑවෙක් අතුරුදන් වූ බවට චන්ද්‍රසිරි ආබ්‍රෙව් නැමැති සැකකරුවා පසුගිය දෙසැම්බර් 15 වැනිදා කොස්ගොඩ පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

එම චෝදනාවට රුපියල් ප‍හළොස් දහසක මුදල් ඇපයක් සමග රුපියල් ලක්‍ෂ දහයක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොහු මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ වගේම සැකකරුට විදේශගත වීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය උසාවිය භාරයට ගන්නා ලෙස නියෝග කළේය.ඉහත චෝදනා යටතේ ඉදිරිපත් කළ දෙවැනි සැකකරු වූ දමින්ද සමන් කුමාර නැමැත්තා රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.


2පළමුවැනි සැකකරුට එරෙහිව ඉදිරිපත් වූ දෙවැනි චෝදනාව වූයේ වනජීවි වෘක්ෂලතා පනත යටතේ අනවසරයෙන් සතුන් ඇති කිරීමයි. එම චෝදනාවට රුපියල් ලක්‍ෂ 5 ක් බැගින් ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියම කෙරිණ. කොස්ගොඩ සහ අම්බලන්ගොඩ ස්ථානවල රඳවා සිටි සුදු කැස්බෑවුන් දෙහිවල සත්ත්ව උද්‍යානයට භාර දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. මීළඟ නඩු වාරය පෙබරවාරි මස 19 වැනිදා දක්වා කල් තැබීණ.

පැමිණිල්ල අම්බලන්ගොඩ පොලිසිය විසින් ඉදිරිපත් කෙරිණ. සැකකරුවන් වෙනුවෙන් සමන්ත ආබ්‍රෙව්, කෝලිත ආබ්‍රෙව් සමග මානෙල් කුමාරිහාමි යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනී සිටියහ.
Wildlife officials were today directed by Court to hand over the albino turtles that were being bred by Chandrasiri Abrew in his hatchery at Kosgoda to the Dehiwala Zoo.

Mr.Abrew who was arrested by the Matara Anti Vice squad on charges of making a false complaint to the Police was released on a Rs.15,000 cash bail with two sureties of rupees one million each by Balapitiya Magistrate Asanga Bodaragama.

Mr. Abrew's passport was also impounded. His employee Daminada Namal Kumara was also released on a surety bail of Rs.500,000

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment