රෝසි ගැන කියන්න අමල් පොලීසියට - පැයකට අධික කාලයක් කටඋත්තර දෙයි

ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා අද පෙරවරුවේ කොස්ගොඩ පොලීසියට ගොස් තිබේ.

ඒ නීතිඥයන් තිදෙනකු සමඟයි. කොස්ගොඩ පිහිටි කැස්බෑ මධ්‍යස්ථානයක සිටි රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් සුදු කැස්බෑවකු අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා පොලීසියට පැමිණෙන ලෙස පෙරේදා අමල් පෙරේරාට පොලීසිය විසින් දැනුම් දී තිබිණ. දැනට පැයක පමණ කාලයක සිට අමල් පෙරේරා ප‍්‍රකාශය ලබාදෙමින් සිටින බව එහි සිටින අප වාර්තාකරු පැවැසී ය.

රුපියල් කෝටි තුනහමාරකට මෙම රෝසි නමැති සුදු කැස්බෑවා මිලදී ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී අමල් පෙරේරා විසින් කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරුගෙන් විමසා තිබේ. එ හේතුවෙන් මතුවූ සැකයක් අනුව අමල් පෙරේරාට පොලීසියට පැමිණෙන ලෙසට දන්වා තිබිණ.

මීට පෙර ප‍්‍රාදේශීය සභා සභාපතිවරයකු හා අමාත්‍යවරයකුගේ පුතකු ද මෙම සුදු කැස්බෑවා ඉල්ලූ බව මධ්‍යස්ථාන හිමිකරු පැවැසී ය. එ් කිසිදු අවස්ථාවක කිසිදු මුදලකට රෝසි අලෙවි කිරීමට හිමිකරු ප‍්‍රතික්ෂේප කර තිබිණ. ඔහු පැවසුවේ මෙම සුදු කැස්බෑවා තම දරුවකු හා සමානව තමන් සළකන බවයි.

කැස්බෑවකු මෙලෙස සුදු පැහැති වන්නේ ඇලි තත්ත්වයට පත්වීම හේතුවෙනි. මෙවැනි කැස්බෑවකු බිහිවන්නේ බිත්තර දසදහසකට පමණ එකක් බව ද පැවසේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment