පාකිස්තානුවා ගෙනා ගබ්සා බඩු රේගු දැලේ

පාකිස්තානයේ කරච්චි නුවර සිට උපත් පාලන එන්නත් කුප්පි 4000ක් රැගෙන මෙරටට පැමිණි පාකිස්තානු ජාතිකයකු රේගුවෙන්ද මිදී ගුවන්තොටුපොළෙන් පිටට එද්දී පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරියකු සඳහන් කෙළේ මේ පාකිස්තානු ජාතිකයා සතුව මත් කුඩු ඇතැයි යන සැකය මත ඔහුගේ බෑගය පරීක්ෂා කිරීමේදී මේ උපත් පාලන එන්නත් කුප්පි තොගය හසුවූ බවයි.

මේ අන්දමට නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන උපත් පාලන එන්නත් කුප්පි අඩු මිලට බෙහෙත් අලෙවි මධ්‍යස්ථානවලට බෙදාහරින්නේද යන්න ගැන පොලිසියට සහ රේගුවට සැක මතුවී තිබේ.පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලයේදී කටුනායක රේගුව විසින් පාකිස්තානු ජාතිකයන් රැගෙන ආ මෙවැනි අන්දමේ උපත් පාලන එන්නත් කුප්පි තිස් අට දහසක තොගයක් එවකට රේගු අධ්‍යක්ෂ සරත් නෝනිස් මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කර තිබිණි.

එම රේගු අධ්‍යක්ෂවරයා පසුගිය සති අන්තයේ සිට වෙනත් අමාත්‍යංශයකට මාරුවී යෑමෙන් පසු ශ්‍රී ලංකා පාකිස්තාන් ජාවාරම්කරුවන් යළිත් නීති විරෝධී බෙහෙත් ජාවාරම ආරම්භ කර ඇද්ද යන්න ගැන රේගු බලධාරීන්ට මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට සැක මතු වී තිබේ.ඒ පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය අංශය මඟින් අත්අඩංගුවට ගෙන රේගුවට භාරදී ඇති සැකකටයුතු පාකිස්තානු ජාතිකයාගෙන් රේගුව ප්‍රශ්න කරගෙන යයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment