මම නම් Kissing Scene එකකට යන්න වුණත් කැමැති නෑ - Hashini Gonagala

හෂිනිගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කියනවා නම්?
මම Study කළේ ස්ටැෆර්ඩ් අන්තර්ජාතික පාසලෙන්. Commerceවලින් තමයිA / L කළේ. මේ වෙනකොට ව්‍යාපාර කළමනාකාරීත්වය සම්බන්ධයෙන් උපාධියක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ දේවල්වලට අමතරව මොකද කරන්නෙ.

Dancing කරනවා. Dancing නම් පුංචි කාලේ ඉඳලාම කරනවා. මේ හැමදෙයක්ම ඕචතචදජඥ එකේ කරගෙන යන්න තමයි උත්සාහ කරන්නෙ.

ගොඩක් දෙනෙක් අතරට ගියේ Dancing Star වලින් නේද?
ඔව්. ඒ දවස්වල මම O/L කරන කාලේ. දුෂ්‍යන්ත්ගෙ ඥාති සහෝදරියක් හිටියෙ මගේ පන්තියෙ. මේ දැන හැඳුනුම්කම්වලින් තමයි මම දුෂ්‍යන්ත්ගේ Partner විදියට තරගයට සම්බන්ධ වුණේ. දුෂ්‍යන්ත් අපේ ගෙදරට ඇවිල්ලා විස්තර කිව්වත් ගෙදරින් කැමැති වුණේ නැත්තෙ මම පොඩි නිසා. ඒත් මුලින්ම හිටපු Partner තරගයෙන් අයින් වුණු නිසා මම දුෂ්‍යන්ත් එක්ක තරගයට සම්බන්ධ වුණා. ඒත් තාත්තා ඇහුවා O/L කරන නිසා මේ දෙකම එකපාර කරන්න පුළුවන්ද කියලත්.


Dancing Star ගැන මොනවද කියන්න තියෙන්නෙ?
ලංකාවේ 1st time තමයි Dancing සම්බන්ධයෙන් මේ වගේ වැඩසටහනක් කෙරුණෙ. ඒක ඉතාම හොඳ දෙයක්. මේ වෙනකොට ලංකාවේ ගොඩක් දක්ෂ අය බිහිවෙලා තියෙනවා Dancing Star වලින්.

Dancing Star වලින් පස්සෙ මොකද කළේ?
ඒ දේවල් ඉවර වුණාට පස්සෙ Films දෙකකට සම්බන්ධ වුණා. ඉන් එකක් තමයි Dancing Star Film එක.
Dancing Star වලින් පස්සෙ මම පොඩි Breack එකක් ගත්තා. ඒකට හේතු වුණේ A / L මුල් අවුරුදු දෙකම ඒ වැඩකටයුතුවල නිරත වෙලා හිටිය හින්දා. ඊට පස්සෙ මට දෙරණT.V. එකෙන් කතා කළා "City of Dance" එකට එකතු වෙන්න කියලා. ඒ වුණාට ඒ අය කතා කළේ Artist කෙනෙක් විදියට සම්බන්ධ වෙන්න කියලා. අවුරුදු 4ක්ම නිශ්ශබ්දව හිටිය නිසා මම City of Dance එක්ක සම්බන්ධ වුණා.

Dancing Star සහ city of Dance කියන තරග දෙකේ වෙනස කොහොමද දැනුණෙ?
මුලින්ම මම සම්බන්ධ වුණේ තරගකරුවකුගේ Partner කෙනෙක් විදියට. දෙවැනි වර Artis කෙනෙක් විදියට. Dancing Star කරද්දි ඒ තරම්ම මට මේ දේවල් ගැන දැනුමක් තිබුණෙ නෑ. ඒත් City of Dance කරනකොට මට හැමදෙයක්ම ගැනම හොයලා බලන්න වුණා. ඒක ලොකු අත්දැකීමක්.

මොඩ්ලින් කරන්න අදහසක් නැද්ද?
ආසාවක් නම් තියෙනවා. ඒත් මට අවස්ථාවක් හම්බවුණේ නෑ. ඒ වගේම තමයි Miss Sri Lanka වලට තරග කරන්නත් අදහසක් තිබ්බා. ඒකත් නිකම්ම මඟහැරිලා ගියා.

කොහොම වුණත් මොඩ්ලින් කරන අය දිහා සමාජයේ අය බලන්නෙ වෙනස්ම විදියකට නේද?
මේ ක්‍ෂේත්‍රය ගැන නම් අපිට මුකුත්ම කියන්න බෑ. ඒත් එක එක අය කියන කතාවලට අපිට මුකුත් කියන්නත් බෑ. කොහේ හිටියත්, කොහේ ගියත් තමන්ට හරි විදියට ඉන්න පුළුවන් ඒක තමයි වැදගත් වෙන්නෙ.

ඔය දේවල් ඔහොම කිව්වට අන්තර්ජාලයේ තියෙනවනෙ අමුතුම විස්තර?
කවුරුහරි අලුත් දෙයක් වෙනස් දෙයක් කරනවා නම් ඒ ගැන අමුතුම දේවල් කියන්න කට්ටියක් ඉන්නවා. ඒවා හරිම නරක වැඩ. මට වුණත් එක එක කතා සමහර අය කිව්වා. දුෂ්‍යන්ත් එක්ක Dancing Star කරද්දි ගොඩක් කටකතා හැදුණා. ඒකට එකම හේතුව තමයි අපි හොඳට වැඩේ කරපු එක. මගේ මවුපියෝ නිවැරැදි දේ දන්නවා නම් මට ඒ ඇති. නිවැරැදි දේ දන්න නිසා මම ලැජ්ජත් නෑ බයත් නෑ.

වර්තමානයේ තියෙන Fashion දිහා බලන්නෙ මොන විදියටද?
ඇත්තටම මේ වෙනකොට ලංකාවේ Fashion හොඳ තැනක තියෙනවා. සතුටු වෙන්න පුළුවන් කාරණාවක් ඒක. ඒත් කොච්චර වුණත් Fashion කළාම සමහර දේවල් එක්ක මිනිසුන් බලන්නෙ අමුතුම විදියකට. මම මේ දේවල් හින්දා සමහර වෙලාවට කොටට වුණත් අඳින්න බයයි. ඒත් අලුත් Trend එන්නේ හරිම Free විදියට.

ගෑනු ළමයි කොටට ඇඳගෙන ගියාම සමහර අය බලන්නේ අමුතුම විදියට?
ඒක තමයි මම කිව්වෙත්. මම අම්මලා එක්ක යනකොට කොටට ඇඳගෙන ගියත් තනියම යද්දි නම් හිතේ චකිතයක් තියෙනවා. ඒත් මිනිසුන් හිතන එක, හිතන විදිය අපිට නවත්තන්න බෑ. තමා විසින්ම හිතලා තමයි සමාජය එක්ක ගනුදෙනු කරන්න ඕන.

ආදරය ගැන තියෙන්නෙ මොන වගේ අදහසක්ද?
ආදරය සුන්දරයි. ආදරය කියන දේ නැතිව කාටවත් ඉන්න පුළුවන් කියලා මම නම් හිතන්නෙ නෑ. ආදරේ කරන්නෙ නැතිව ඉන්න පුළුවන් කියලා සමහර අය කිව්වාට ඒක අමාරු වැඩක්.

ලංකාවේ පවතින Sex ගැන මොකද කියන්න තියෙන්නෙ?
මම නම් හිතන්නේ අනෙක් රටවලට සාපේක්‍ෂව අපේ රට හොඳ තැනක තියෙනවා කියලා. සංස්කෘතික සාරධර්ම නිසා මෙහෙම වෙනවා ඇති කියලයි මට හිතෙන්නෙ.

ඒ වුණාට ලංකාව කියන්නේ Sex කියන දේ වහල දාපු රටක් කියලා හිතෙන්නෙ නැද්ද?
එක අතකින් එහෙමයි. ජ්ඪතථ එකකදි වුණත් සමහර දර්ශනවලදි බලන දේවල් තමයි සමහර අය සැබෑ ජීවිතයට වුණත් ආදර්ශ කරගන්න හදන්නේ. මම නම් Kissing Scene එකකට යන්න වුණත් කැමැති නෑ. මොකද මගේ තනිකරම වෘත්තිය ඒක නෙවෙයි නෙ.

මෙහෙම වෙන්න අපේ සංස්කෘතික සාධකත් බලපානවා. බලන්නකො U.S.A.වල තියෙන්නේ වෙනම සංස්කෘතියක්. අවුරුදු 16 වෙනකොට ඒ ළමයාව ගෙදරින් එළියට දානවා. ඉන් පස්සේ ඒ ළමයා කොහේහරි අපාට්මන්ට් එකක ඉඳගෙන රස්සාවක් කරගෙන ජීවත් වෙනවා. කතාවක් තියෙනවනේ අවුරුදු 14 වෙනකොට එහේ ළමයකුගේ කන්‍යා පටලය පවා නැහැයි කියලා. ඒත් මේ දේවල් අපේ රටේ නැහැ. කසාද බඳින්නේ නැතිව අවුරුදු 40 ගෑනු කෙනෙක් නෙවෙයි පිරිමි කෙනෙක්වත් තියා ගන්නවා.

අපේ Youth එක ගැන මොකද කියන්නෙ?
මම නම් වරදක් දකින්නෙ නෑ. හැමදෙයක්ම හොඳින් කෙරීගෙන යනවා.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment