කොලොන්නාවේ කොල්ලෝ කෙල්ලන්ට කසාදයක්වත් කරගන්න බැරි තත්ත්වය නැති කරනවා- හිරුණිකා

ආණ්ඩුවේ ඕනෑම ස්ටේජ් එකකට ලඟින්න මට කිසිම ලැජ්ජාවක් නෑ.

කුඩු FM එකක් දාන්නවත්, කුඩු TV චැනල් එකක් දන්නවත් මට ඕනේ නෑ

කුඩුකාරයන්ගේත්, චන්ඩින්ගේත් තෝතැන්නක් බවට කොළොන්නාව පත්වී ඇති නිසා කොළොන්නාවේ කොල්ලෝ කෙල්ලන්ට කසාදයක් වත් කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

එබැවින් එම තත්ත්වය නැති කිරීමට තමා දේශපාලනයට පැමිණෙන බවයි ඇය පවසන්නේ.

ආණ්ඩුවේ ඕනෑම ස්ටේජ් එකකට නඟින්නට තමාට කිසිම ලැජ්ජාවක් නොමැති බවත්, තමාට නිහහස් සංධානය සමඟ තිබෙන්නේ ලේ වලින් තියන බැඳීමක් බවත් ඇය පවසා තිබෙනවා


බස්නාහිර පලාත් සභා මැතිවරණයට ඔබ ඉදිරිපත් වෙනවා කියලා සමහර මාධ්‍ය කියනවා.
මෙහෙමයි, මම මේ ගැන අම්මා එක්කයි පවුලේ අනිත් වැඩිහිටියෝ එක්කයි සාකච්ජා කරමින් පවතිනවා. මෙවර පලාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා කොලොන්නාවේ පංසල් 6ක් හැර අනිත් සියළුම පන්සල් වල ස්වාමීන් වහනසේලා මගෙන් ඉල්ලනවා

පන්සල් 6ක් ඔබට එරෙහිවෙලා ඇයි?
සල්ලි වලට යටවෙච්ච හාමුදුරුවරු ඉන්න පන්සල් තමයි එහෙම වෙලා තියෙන්නේ


මොන පක්ෂයෙන්ද ඔන දේශපාලනයට එන්නේ?
මම ශ්‍රී ලංකා මහජන පක්ෂ්යේ සාමාජිකාවක්. මහජන පක්ෂය කියන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයත් එක්ක එකට කටයුතු කරන නිසා මට නිදහස් සංධානයෙන් අපේක්ෂිකාවක් විදිහට තරඟ කරන්න පුළුවන්.

නිදහස් සංධානයේ අපේක්ෂකත්වය නොලැබුනොත් මොකද කරන්නේ?
මෙහෙමයි, අසත්‍ය ප්‍රවෘත්ති පල කරලා ගුවන් විදුලි නාලිකාවේ බලපත්‍රය තහනම් කළාම ඒක හරිගස්සගන්න ආණ්ඩුවට ආව කෙනෙක් නෙවෙයි මම.

අද ජනාධිපතිතුමාට ලං වෙලා ඉන්න අය 2005දී ජනාධිපතිතුමාගේ පෝස්ටර් ඉරනවා, කටවුට් පුච්චනවා මම ඇස් දෙකෙන්ම දැක්කා.

මට මේ පක්ෂය එක්ක තියෙන්නේ ලේ වලින් තියන බැඳීමක්. ඒ නිසා නිදහස් සංධානයේ අපේක්ෂිකාවක් වෙන්න මට අයිතියක් තියනවා, ඒ වගේම ඒ අයට යුතුකමක් තියනවා මට ඒක දෙන්න.

කුඩු සල්ලි වලට යටවෙලා අපේක්ෂකත්වය නොදී ඉඳී කියලා මම හිතන්නේ නෑ.

ඒ කියන්නේ ඔබේ තාත්තගේ ඝාතනයට වගකියන්න ඕනේ කියලා ඔබම චෝදනා කරන පුද්ගලයයි, ඔබයි එකම වේදිකාවක වුනත් දක්නට ලැබෙන්න පුළුවන්?
කිසිම තැනකට යන්නවත්, ආණ්ඩුවේ ඕනෑම ස්ටේජ් එකකට නඟින්නවත් මට කිසිම ලැජ්ජාවක් නෑ. මොකද මම නෙවෙයි මිනිස්සු මරලා තියෙන්නේ. මාව දකින කොට ඔය මිනීමරුවෝ තමයි පස්ස නොබලා දුවන්න ඕනේ. කවද හරි ජනාධිපතිතුමාටත් තේරෙයි ඇත්තටම එතුමාට ආදරේ කවුද කියලා.

කුඩු නැති කරන එක ඔබේ හීනයක් කියලා ඔබ කිව්වා. ඒ හීනය සැබෑ කරගන්නද ඔබ දේශපාලනයට එන්නේ?
කොළොන්නාව විතරක් නෙවෙයි මුළු කොළඹම දැන් කුඩු තිත්පොළක් වෙලා. කොළොන්නාවේ කෙල්ලන්ට කොල්ලන්ට දැන් කසාදයක් කරගන්න එකත් දැන් හරිම අමාරු දෙයක් වෙලා. කොළොන්නාව කුඩුකාරයන්ගේත්, චන්ඩින්ගේත් තැනක් කියලා දැන් පිට කෙල්ලෙක් කොළොන්නාවේ කොල්ලෙක්ට දෙන්නේවත්, පිට කොල්ලෙක් කොළොන්නාවේ කෙල්ලක් ගෙනියන්නවත් කැමති නැහැ.

මේ තත්ත්වයෙන් කොලොන්නාව මුදාවාගන්න මට ලොකු හීනයක් තියනවා. ඒක මට තනිය ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජනාධිපතිතුමා ඒකට මට උදව් කරයි කියලා මම හිතනව.

කොළොන්නාවට එහෙම වුණේ ඇයි?
මෙහෙමයි, කොළොන්නාව කියන්නේ කුඩු නැතිව තිබුණු තැනක් නෙවෙයි. හැබැයි ඒක කෙරුනේ පුංචියට, ඉතාම රහසිගහව. ඒත් එක් පුද්ගලයෙකුගේ පැමිණීමත් එක්ක ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දේශපාලන ආශිර්වාදය ඇතිව කුඩු එළිපිට විකුණන්න ගත්තා. පසුගිය දවසක වැල්ලම්පිටිය පොලීසියේ ඕ.අයි.සී ත් අහුවුණා කුඩු විකුණලා. ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේ ආශීර්වාදයත් එක්කයි මේවා වෙන්නේ.

ඔය කියන ධන බලය, කුඩු බලය එක්ක ඔබට හැප්පෙන්න පුළුවන්ද?
මමවත්, මගේ තාත්තාවත් රේඩියෝ ලයිසන් හදාගන්න වගේ ආර්ථික කාරණා වෙනුවෙන් පක්ෂය මාරු කළ අය නෙවෙයි. ජනතාව පාවලා දුන්න අය නෙවෙයි. මිනිසුන්ට සේවය කරන්නයි මට ඕනේ. එහෙම නැතිව දේශපාලනය ජාවාරමක් කරගන පක්ෂය මාරු කරගන කුඩු FM එකක් දාන්නවත්, කුඩු ටීවී චැනල් එකක් දන්නවත් මට ඕනේ නෑ.

ඔය හැමදේම කරන්න ඔබ දේශපාලනයට එන එක ගැන හරි උත්තරයක් දෙන්නේ කවදද?
ඉදිරි සතිය ඇතුලත ඒක කියන්නම්

-සම්බන්ධිත පුවත්-
බස්නාහිර පළාත් සභා ජන්ද සටනට පායන තරු

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment