බස් නැවතුම විවෘත කිරීමට විමල්ට ආරාධනා නොකලැයි ප්‍රාදේශීය ලේකම්වරිය මාරු කරයි

කඩුවෙල නගරාධිපති බුද්ධදාස හා විමල් වීරවංශ අතර විරසකය පවතින්නේ අද ඊයේ සිට නොවේ.

පසුගිය කාලයේ බුද්ධදාසට විරුද්ධව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සහයෝගය දැක්වූ අපේක්ෂකයන්ට වඩා බුද්ධදාස මහතා වැඩි ජන්ද ප්‍රමාණයක් කඩුවෙලින් ලබාගත් නිස එම ගැටුම තවත් වර්ධනය විය.

2012 සැප්තැම්බර් 10 වනදා කඩුවෙල නව බස් නැවතුම්පල ඉදිකිරීමට මුල් ගල තැබීමේ උත්සවයට සහභාගීවූ කඩුවෙල නගරාධිපති බුද්ධදාස විසින් අමාත්‍ය විමල් වීරවංශට දැඩි දෝශාරෝපන එල්ල කළේ විමල්ගේ පක්ෂය වෙනම තරඟ කළ නිසා ත්‍රීකුණාමලයේ ජන්ද ප්‍රතිපල වලින් එජනිස දෙවෙනියට පැමිණි බව පවසමින්.


"කඩුවෙලට බැල්ම හෙලන ඇමතිවරයෙක් උන්නා මේ ආණ්ඩුවේ. ඒ දේශප්‍රේමියා කියලා තියනවා අපි තනිවම තරඟ කරලා ආසනයක් දිනාගත්තා කියලා. මම විමල් වීරවංශ කියන දේශප්‍රේමියට අභියෝග කරනවා පුළුවන් නම් මේ ආණ්ඩුවෙන් ගිහිල්ලා ආසනයක් නෙවෙයි එයාගේ ආසනෙත් තියාගන්න කියලා.

මහ ලොකුවට කියනවා වීරයා කියලා. වීරයා පල් වුනේ මට. තමුසේ කොයි සෙල්ලම් කලත් බුද්ධදාසගෙන් තමයි තමුසේ මට්ටු වුනේ.

මිනිහා මොකක්ද දැන් කලේ, ත්‍රීකුණමාලයට ගිහිල්ලා දැම්මා අපේක්ෂකයෙක්. දාලා එක්සත් ජනතා නිදහස් සංධානේ දෙවෙනි ස්ථානයට ආවේ ඔය දේශප්‍රේමී දෙශද්‍රෝහියා නිසා
"

බස් නැවතුම ආරම්භයෙන් ආරම්භ වුණු එම විරෝධය බස් නැවතුම සාදා පසුගියදා විවෘත කළ දා දක්වාම පැවතුණා.

පසුගිය 2013 නොවැම්බර් 25 වනදා ඉහත කඩුවෙල නව බස් නැවතුම්පල විවෘත වුනත් එයට විමල් වීරවංශ අමාත්‍යවරයාට ආරාධනාවක් ලැබුනේ නෑ.

එදින පලවූ පුවත්පත් වල පලවූ දැන්වීම් කිසිවක විමල්ගේ නම සඳහන්වූයේද නෑ. එම උත්සවයට විමල්ට ආරාධනා නොකිරීමට කුපිතවූ විමල් කළේ ප්‍රාදේශීය ලේකම්වරිය මාරු කර යැවීමයි.

එයට විරෝධය පා කඩුවෙල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඉදිරිපිට සිට පැමිණි විරෝධතාකරුවන් මාලබේ නගරයේදී උද්ගෝෂණය කල අතර අනතුරුව නැවතත් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඉදිරිපිට ගොස් ද උද්ගෝෂණය කලා.

එහිදී නගරාධිපති බුද්ධදාස විසින් ඇමති විමල් වීරවංශට දෝශාරෝපන එල්ල කළේ මෙලෙසින්

"තුන්වන පන්තියේ මෝඩයෝ, මේ ගොල්ලන්ගේ නම ගහගන්න ඕනේ, බෝඩ් එක ගහගන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම්වරිය ආරාධනා පත්‍රයක මේ ගොල්ලන්ගේ නම ගැහුවේ නෑ කියලා මාරු කළා. පලාත් සභා උත්සවයට ආරාධනා පත්‍රයට කිසිම දේශපාලඥයෙකුගේ නමක් සඳහන් කළේ නෑ. ප්‍රසිද්ධ කලාකාරයෝ, රජයේ ප්‍රධාන නිළධාරීන්ට තමයි ආරාධනා කළේ.

මේ කොහෙවත් ඉඳලා කඩුවෙලට පාත් වෙච්ච උද්දච්ච මේ ඇමතිවරයා රජයේ නිළධාරුනිය මාරු කිරීම පිළිබඳව අපගේ බලවත් විරෝධය පල කරනවා. බලෙන් මාරු කරන්න දෙන්නේ නෑ කියලා පැහැදිලි පණිවිඩය දෙන්න අපි මාරාන්තික උපවාසයක් කරනවා. තැඹිලි බිබී විමල් වීරවංශ කරපු උපවාසය වගේ නෙවෙයි අපි කරන උපවාස.
"

එම වීඩියෝව පහතින්.




විමල්ගේ නම සඳහන් නොකරමින් පුවත්පත් වල පල කල එම දැන්වීම පහතින්.

(විශාල කර බැලීමට මෙතනින්)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment