නිල දත්ත වෙනස් කර නැහැ -මහ බැංකු අධිපති

රජයේ නිල ආර්ථීක දත්ත හා සංඛ්‍යා ලේඛන කිසිදු අයුරකින් වෙනස් කිරීමකට ලක් කර නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන මහ බැංකු අධිපතිවරයා පැවසුවේය.

මහ බැංකුව විසින් ලබා දෙන තොරතුරු හා දත්ත මුළු ලෝකයම පිළිගන්නා බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේය.ඔහු මේ බව කියා සිටියේ පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තුවේ දී හෙළිදරව්වකට ප්‍රතිචාර දක්වමින්.

ආර්ථීක දත්ත සටහන් කෘත්‍රිමව වෙනස් කිරීමට ඉහළ බලධාරීන් තමාට උපදෙස් දුන්නේ යැයි එම දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙකු උසාවියට ඉදිරිපත් කල සාක්කි සටහනක් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.මෙවන් දෑ නිසා රජයේ නිල ආර්ථීක දත්ත හා සංඛ්‍යා ලේඛන කෙරෙහි දෙස් විදෙස් විශ්වාසය බිඳ වැටී ඇතැයි විපක්ෂය නගන චෝදනා මහ බැංකු අධිපතිවරයා ප්‍රතික්‍ෂේප කළේය.


ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණුවේ නිල දත්ත හා සංඛ්‍යා ලේඛන පිළිබඳ ව 'සැක සංකා මතු කරන්නේ රටේ ආර්ථික ප්‍රගතිය ඉවසා ගන්නට බැරි පිරිසක් විසින්' බවයි මහ බැංකු අධිපති අජිත් කබ්රාල් පවසන්නේ.

"සමහරක් අය කැමති නැහැ මේ තියන ඉලක්කම් වලට, මේ ප්‍රගතිය දකින කොට ඒ අයට වේදනාවක් ඇති..." මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ 2014 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මග පිළිබඳ ව මහ බැංකුවේ පැවති සම්මන්ත්‍රණය අතර තුර මාධ්‍යයට අදහස් දක්වමින්.

2013 වසරේදී ශ්‍රී ලංකාව අත් කර ගත් ආර්ථික දියුණුව පිළිබඳ ව තමන් අතිශය සෑහීමකට පත් වන බව පැවසූ මහ බැංකු අධිපතිවරයා 2014 වසරේදී ශ්‍රී ලංකාවේ 7.8 ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බව පැවසීය.

-සබැදි පුවත්-

අනුර අයවැයේ රෙදි ගලවයි - Anura Dissanayaka Video

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment