උපත් පාලන කොපු සම්බන්ධව ලංකාවේ නීතිය

එච්.අයි.වී. ආසාදන නිවාරණය සම්බන්ධයෙන් පසුගියදා හම්බන්තොටදී සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර එහිදී හෙළිවූ ප්‍රධානතම කරුණ වුයේ ලිංගික ශ්‍රමිකයන් අතර එච්.එයි.වී අසාදනය පැතිරීම ඉහල අගයක පවතින බවය. 

එය වලක්වා ගැනීම සඳහා උපත් පාලන කොපු භාවිතය දිරිගැන්වීමට කටයුතු කලත් ඇතැම් අවස්ථාවල පොලීසිය විසින් උපත් පාලන කොපු ළඟ තබාගත් කාන්තාවන් අල්ලා උසාවියට ඉදිරිපත් කිරීමේ හේතුන් නිසා ලංකාව තුල උපත් පාලන කොපු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ කවර ආකාරයක නීතියක් දැයි ගැටළුවක්ව පැවතුනි. 

එයට ආසන්නතම සිදුවීමක් ලෙස ගල්කිස්ස ප්‍රදේශයේ රාජ්‍යය නොවන සංවිධානය සාමාජිකාවක් උපත් පාලන කොපු බෙදමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීම දැක්විය හැක. 

උපත් පාලන කොපු සම්බන්ධව ලංකාවේ පවතින නීතිමය තත්වය පිලිබඳ ජේෂ්ඨ පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. ඒ මෙසේය 

කිසිම අවස්ථාවක උපත් පාලන කොපුවක් ළඟ තබා ගැනීම ගණිකා නිවාස ආඥා පනත හෝ පාදඩ ආඥා පනත යටතේ ගැනෙන වරදක් නොවෙයි. නමුත් ගණිකාවක් ලෙස ප්‍රසිද්ධ ස්ථානයක කටයුතු කරමින් කවුරු හරි පොළඹවා ගන්න උත්සහ කරන අවස්ථාවකදී ඇය උපත් පාලන කොපුවක් සමඟ අහු‍වු‍ණොත් ඒ උපත් පාලන කොපුව අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් හැටියට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. 

නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් හෝ කාන්තාවක් අත උපත් පාලන කොපුවත් තිබූ පමණික් ඒ කිසිම ආකාරයක අපේ නීතිය යටතේ වරදක් වෙන්නේ නැහැ. එය වෛද්‍ය උපාංගයක් පමණයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment