උපත් පාලන කොපුවක් ළඟ තබා ගැනීම නීතියෙන් වරදක් නෙවෙයි – පොලීසිය

"Under our law, its not considered illegal if a common man or woman is in possession of a condom "

එච්.අයි.වී. ආසාදන නිවාරණය සම්බන්ධයෙන් අද හම්බන්තොටදී සම්මන්ත්‍රණයක් පැවැත්විය.එම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය විසිනි.ඒ සඳහා එම ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටිය හ.‍

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය මංජුලා රාජපක්ෂ මහත්මිය

"ලංකාව තුළ එච්. අයි වී ආසාදනය බහුලව එච් අයි වී ආසාදනය සඳහා අධික අවදානමක් තියෙන කණ්ඩායම් ලෙස අපි කාන්තා ලිංගික ශ්‍රමිකයන්, ඒ වගේම පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හදුනාගෙන තිබෙනවා."

කාන්තා ලිංගික ශ්‍රමිකයින් උපත් පාලන කොපු ළඟ තබා ගැනීමෙන් වැළකී සිටින බවට එම සම්මන්ත්‍රණයේදී අවධානය යොමු විය.එහිදී අදහස් පළ කෙරු‍ණේ උපත් පාලන කොපු ළඟ තබා ගැනීම පොලිස් අත්අඩංගුවට පත්විය හැකි ද යන්න ය.


අප ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළෙමු.

"කිසිම අවස්ථාවක උපත් පාලන කොපුවක් ළඟ තබා ගැනීම ගණිකා නිවාස ආඥා පනත හෝ පාදඩ ආඥා පනත යටතේ ගැනෙන වරදක් නොවෙයි. නමුත් ගණිකාවක් ලෙස ප්‍රසිද්ධ ස්ථානයක කටයුතු කරමින් කවුරු හරි පොළඹවා ගන්න උත්සහ කරන අවස්ථාවකදී ඇය උපත් පාලන කොපුවක් සමඟ අහු‍වු‍ණොත් ඒ උපත් පාලන කොපුව අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් හැටියට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් හෝ කාන්තාවක් අත උපත් පාලන කොපුවත් තිබූ පමණික් ඒ කිසිම ආකාරයක අපේ නීතිය යටතේ වරදක් වෙන්නේ නැහැ. එය වෛද්‍ය උපාංගයක් පමණයි."


A conference organised by the National Sexually Transmitted Diseases and AIDS Control Programme was held in Hambantota on Thursday, on the prevention of HIV/AIDS.

Officials of the programme and senior police officers were present at the occasion.

Speaking at the event, Dr. Manjula Rajapaksa, specialist doctor of the national STD and AIDS Control programme, said


We have have identified people who are at a high risk of contacting HIV/AIDS as female sex workers, men who act in sexual activities with other men, and drug addicts.
Special attention was focused on discussing female sex workers possessing condoms.

This was followed by many views on whether possession of condoms can lead to police arrest.

When Newsfirst contacted Police Media Spokesperson SSP Ajith Rohana, he had this to say:


In no circumstance is it illegal to possess a condom under the law. But if a prostitute is arrested in a public place along with a condom, trying to entice a customer, it will be presented in court as an article of the case. But under our law, its not considered illegal if a common man or woman is in possession of a condom. It's just a medical accessory.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment