2016 දී ඒකපුද්ගල ආදායම ඩොලර් 4,000 යි

2016 වසර වනවිට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් වී නිදහසින් පසු වාර්තා කළ 8.5% ඉහළම ආර්ථික වර්ධනයක් සිදුවන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

ඊයේ කොළඹ මහ බැංකු මූලස්ථානයේ පැවැති "2014 ආර්ථිකයේ මාර්ග සිතියම" එළිදැක්වීමට සහභාගී වූ ඔහු පැවසුවේ වසර 2016 දී බිලියන 100 ඉක්මවන සුවිසල් ආර්ථිකයකට ලංකාව හිමිකම් කියන බවයි.

විරැකියාව 5% ට අඩුවෙන් තබා ගැනීමට හැකිවීම ලද ජයග්‍රහණක් බවත්, රජයේ ණය බර වැඩිවීම, රාජ්‍ය බැංකු බංකොළොත්වීම, සංඛ්‍යාලේන වැරදි ලෙස ඉදිරිපත් කිරීම වැනි විපක්ෂය නඟන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් පවසා තිබේ.


එමෙන්ම 2014 රටට සුබඵලදායි බවත්, සංචාරක ඉපැයිම්, විදේශ ආයෝජන ගලා ඒම්, රට රැකියාවලන් ලැබෙන ආදායම් ඉතා විශාල ලෙස ඉහලයෑම් හේතුකොට ඉදරි කාලය සෞභාග්‍යමත් යුගයක් වනු ඇතැයිද සඳහන් කෙළේය.

මීට පෙර අජිත් නිවාඩ් කබ්රාල් පවසා තිබූ සාරාංශයන් මෙසේය

  • 2008 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 1000යි
  • 2011 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 2000ක් විය
  • 2012 වසර සඳහා ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 තෙක් නැංවීම අපේක්ෂාවයි
  • 2015 දී ඇමෙරිකානු ඩොලර් 4000ක ඉලක්කයට යා හැකිය
නමුත් 2013 වසරේ ජූලි මාසය වනවිට නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. ත්‍රිලියන 6.52ක් බවයි සරත් අමුණුගම විසින් පසුගිය නොවැම්බර් 26 වනදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ.

ලංකාවේ නොපියවූ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට ලක්ෂ 03 ඉක්මවා තිබෙන අතර එය රු. 321,472 කි. එනම් එක් දරුවෙකු සිටින පවුලක් රු. මිලියනයක් ලෝකයට ණය ය.



-සම්බන්ධිත පුවත්-
2013 වසරේ ඒක පුද්ගල ණය රු. 321,472ක්. ඒත් මේ ණය රටට බරක් නෙවෙයි- අමුණුගම
සරත් අමුණුගම ගොනෙක් - බන්දුල නොකියා කියයි


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment