ඇහැළේපොළ කුමාරිහාමිගේ ජීවිත කතාව සිනමාවට නැගෙයි

ඓතිහාසික චරිතයක් වන ඇහැළේපොළ කුමාරිහාමිගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන "ඇහැළේපොළ කුමාරිහාමි" සිනමාපටයේ මුහුරත් උළෙල ඊයේ දිනයේ (03) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. 

විජය කුවේණි තැනූ සුගත් සමරකෝන් මෙහි අධ්‍යක්ෂවරයා වන අතර එය නිපැයූ ගයාන් රණධීර ඇහැළෙපොළ ද නිෂ්පාදනය කරයි. 

දුලානි අනුරාධා ඇහැළේපොළ කුමාරිහාමි චරිතයට පණ පොවනු ලබන අතර ජැක්සන් ඇන්තනි, ලකී ඩයස්, නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රින්ස්ලි වීරරත්න, අනුර ධර්මසිරිවර්ධන, විනු සිරිවර්ධන, සාරංග දිසාසේකර, සරත් දික්කුඹුර, ප්‍රමුදිත උදය කුමාර, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, ලලිත් රාජපක්ෂ, ක්‍රිස් හැරිස්, සුසිල් පෙරේරා, සුගත් විජේසේකර සෙසු චරිත මවති. 

මුහුරත් උළලේ ජයාරූප එකතුවක් පහතින් බලන්න 

http://www.33000.co/2014/01/ahalepola-film-premiere.html

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment