පලතුරු ඉදවීමට විස දැමීම නිසා කෙසෙල් පරිභෝජනය අඩුවෙලා

අඹ කෙසෙල් දිවුල් ආදී දේශීය පළතුරු ක්‌ෂණිකව ඉදවීමට ඇතැම් වෙළෙඳුන් විසින් විසකාරක රසායනිකයක්‌ යොදවන බවට තොරතුරු හෙළිවීමෙන් පසු කෙසෙල් අලෙවිය ඉතාමත් අඩුවී තිබේ.

 විශේෂයෙන් ඉදුණු කෙසෙල්වලට විසකාරක රසායනික යොදා තිබේදැයි සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් පලතුරු වෙළෙඳසල්වලට කඩාපැන හිටිගමන් පරීක්‍ෂා කරන නිසා කෙසෙල් කැන් මිලදී ගෙන අලෙවි කිරීමට බහුතරයක්‌ වෙළෙන්දන් කැමති නැත. පසුගිය දිනවල අත්ට්‍රැක්‌ටර් සහ කුඩා වාහන පුරවාගෙන තඹුත්තේගම ආර්ථික මධ්‍යස්‌ථානයට ගොවීන් විසින් කෙසෙල්කැන් රැගෙන ගිය නමුත් වෙළෙන්දන් ඒවා නොගැනීම නිසා ට්‍රැක්‌ටර් පිටින්ම ආපසු රැගෙන ඒමට ගොවීන්ට සිදුවී ඇත.

මෙය දැන් කෙසෙල් ගොවීන්ගේ බරපතළ ෙ€දවාචකයක්‌ බවට පත්ව ඇත.වී වගාවෙන් පාඩු සිදුවන නිසා මහවැලි එච් කලාපයේ ගොවීන් ගෙන් 40% ක්‌ පමණ මේ වන විට වී වගාව අත්හැර දමා කෙසෙල් වගාවට පෙළඹී ඇත. මහවැලි කෙත් යායකට ගිය විට බැලූ තෙක්‌ මානයට කෙසෙල් කොටු පෙනෙයි.ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නාක්‌ මෙන් හදිසියේ කඩා වැටුණ මේ විපත්තිය නිසා කෙසෙල් ගොවියෝ දැන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment