ලුමිනස් පිරමීඩ ජාවාරමත් අවසන්.. සමන් රට පනින උත්සාහය වරදී

තිස්සමහාරාම ලුමිනස් ඇඩ්වටයිසින් ආයතනය මේ වනවිට එහි තැන්පත් කරුවන් විසින් විනාශකොට අවසන්ය.එහි තිබු ලැප්ටොප් යන්ත්‍ර,ගෘහ භාන්ඩ,වායු සමීකරණ යන්ත්‍ර ඇතුලු සියලු දේවල් මුදල් අහිමිවූ මෙහි තැන්පත්කරුවන්පැහැරගෙනගොස් ඇත.

මෙම ආයතනයට සමගාමීව පවත්වාගෙන ගිය සමන්ගේ මස්සිනාගේ දෙබරවැව පිහිටි ටයර් කඩය සහ ඔහුගේ පුතාවන හේෂාන්ගේ එම ස්ථානය අසලම පිහිටි උත්සව ශාලාවද මුලුමනින්ම විනාශකොට ඇත.මීට අමතරව ලුමිනස් ආයතනයේ මහේෂ් විසින් ආරම්භ කරනලද වාහන අලෙවිසැලේ සගවා තිබු ලියාපදින්චි නොකල හයිබ්‍රිඩ් මෝටර් රථයක් කැබලි කොට රැගෙනගොස් ඇත.ජාවාරම මෙහෙයවූ සමන් කුලියට නැවතී සිටි නිවස මුලුමනින්ම විනාශකොට ඇති අතර මෝටර් රථයද කුපිතවු ජනතාව රැගෙනගොස් ඇත.

ලුමිනස් ආයතනයේ සේවකයන් පිරිසක්ද පැහැරගෙනගොස් ඇති අතර ජාවාරමට හවුල්වූ සියලු දෙනා තිස්සමහාරාමයෙන් පැනගොසිනි.පල්ලත්තර නීල්ට වෙඩි තබා බන්ධනාගාරගතව සිටි ලුමිනස් හි සම අයිතිකරුවකු වන සාලියපුර නුවන්ට අද ඇප ලැබුනු අතර ඔහු සහ පවුලේ පිරිස නිවාසද අත්හැර ප්‍රදේශයෙන් පලාගොසිනි.


2014-01-20 උදෑසන 9.00ට පමන පිරමීඩ ජාවාරම මෙහයවූ සමන් හා කාර්ය මණ්ඩලය ලුමිනස් ආයතනයතුල නිවාස අඩස්සියට පත්වූ අතර සමන් කියා සිටියේ 12.00ට පමන සියලුදෙනාගේ මුදල් බැන්කුවට දමන බවයි.රාත්‍රී වනතුරුත් මුදල් නොලැබුනු නිසා දහස් ගනනින් තැන්පත්කරුවන් සමන්ට පැනයා නොහැකිවනසේ ආයතනය වටදැමීය.

සමන් මීලගට කීවේ හෙට උදෑසන එනම් 2014-01-21 පෙ.ව 10.00 ට සියලු මුදල් ලබාදෙන බවත් සියලුදෙනාටම ඉවත්වී යනලෙසත්ය. එහෙත් මෙවර නම් තැන්පත්කරුවන් ඇන්දීමට මොහුට නොහැකිවිය. තැන්පත්කරුවන් කීවේ මුදල් ලබාදෙන තුරු ආයතනයෙන් ඉවත්ව නොයන බවයි.

මධ්‍යම රාත්‍රී 01.0ට පමන සමන්ගේ මැරවරයන් කිහිපදෙනෙක් පැමින සමන් එම ස්ථානයෙන් පිටතට ගැනීමට උත්සාහ කලත් කුපිතවු ජනතාව ඔවුන්ට පහරදී එලවා දැමීය. එක්වරම පුද්ගලයෙක් සමන්ගේ කමිසයෙන් ඇද පහරදෙන අතරවාරයේ සමන් ඉනේ සගවාගෙනසිටි ගුවන් ගමන් බලපත්‍රයත් තවත් ලියකියවිලි රැසකුත් බිමට වැටුනි. ඒවා පරීක්ෂාකිරීමේදී සියලු දෙනාටම අදහාගත නොහැකි විය.

එහි තිබුනේ සමන් අලුයම 03.45ට පමන මත්තල ගුවන් තොටුපලින් මැලේසියාව බලා යාමට සකස්කල ලිපිගොනුය.

උදේ සල්ලි දෙන්නම් කියා කරන්න හැදුවේ කුමක්දැයි කාටත් වැටහිනි. පසුව සමන් තන්ගල්ල දූෂන මර්ධන ඒකකය මගින් අත් අඩන්ගුවට ගන්නා ලදී.දැන් සමන් කියන්නේ අමුතුම කතාවකි උදෑසන තමන් දීමට සකස්කල රුපියල්කෝටි 56ක් ජනතාව පැහැරගෙනගොස් ඇතිනිසා තමන්ට ගෙවීමට මුදල් නොමැතිබවයි. තවත් samanමෙවැනිම ආකාරයේ පිරමීඩ ජාවාරම්02ක් තිස්සමහාරාමය තුල හොරරහසේ ක්‍රියාත්මකවෙයි.

ඉන් එකක් තිස්සමහාරාම කොමර්ෂල් බැන්කුවට යාබදව ඇති සකුරා කොමිනිකේෂන් මධ්‍යස්ථානය මෙහෙයවන අතර එහි ශාඛාවක් දෙබරවැව ජාතික පාසල ඉදිරපිට ඇත.එම ආයතනය අන්තර්ජාලය තුල ඇත්තේ ඩෙනිස් ඇඩ්වර්ටයිසින් නමිනි. අනෙක් පිරමීඩ ජාවාරම සපෝට් ෆො ද ලයිෆ් නම් වන අතර එය මෙහෙයවනු ලබන්නේ තිස්සමහාරාම සාලියපුර දොස්තර නිහාල් හා සේනක නැමති මාමා හා බෑනා විසිනි.

මෙම ජාවාරම් සම්බන්දයෙන් දැන්වත් ක්‍රියාත්මකවිය යුතුය.

- සමන් කුමාර/තිස්සමහාරාමය

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment