මොහාන් සමරනායක රූපවාහිනී මුල් පුටුවෙන් ඉවත් වේ!

මෙයට පෙර අප විසින් දිගින් දිගටම හෙලිකල පරිදි රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතා ඊයේ දිනයේ පස්වරුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය. 

ඉල්ලා අස්වන මොහොතේ සංස්ථා සේවකයන් අමතා ඉතාමත් හැඟුම්බර කතාවක් කල සභාපතිවරයා පවසා ඇත්තේ අමාත්‍යවරයාගේ දැඩි බලපෑම මත තනතුරෙන් ඉවත් වන බවයි. 

එනමුත් ජනාධිපතිතුමන් සමග දිගටම සිටින බව සිහිපත් කරමින් රූපවාහිණී පරිශ්‍රයෙන් පිටත්වී ඇත.

සමරනායක මහතා 2011 වසරේ ජුනි මස පළමු වැනි දා සිට රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළේය. ඔහු ධූරයෙන් ඉවත්වුවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස දිගටම කටයුතු කරනු ඇත. 

දකුණු පළාත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති ජී ඩබ්ලිව් ප්‍රතාපසිංහ මහතා නව සභාපති ලෙස පත්වීමට නියමිත වුවත් අමාත්‍යවරයා එයට දැඩි ලෙස ඊට විරුද්ධ වී ඇත්තේ එම පත්කිරීම ඔහුගේ දැනුවත් කිරීමකින් තොරව සිදුකල හෙයිනි. 

අමාත්‍යවරයා දැනුවත් කිරීමකින් තොරව මෙම පත්වීම සිදුකොට ඇත්තේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අදහසකට අනුව ජනාධිපතිවරයා විසිනි. පසුව අද උදෑසන එය අමාත්‍යවරයා වෙත ලැබුණු පසු එහි පත්වීමේ ලියුමද ප්‍රතාපසිංහ මහතා අතට ලබාදී ඇති බැවින් ඉදිරි දින කිහිපය තුලදී ප්‍රතාපසිංහ මහතා වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ. 

මේ අතර අමාත්‍යවරයාගේ දැඩි බල කිරීම මත ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති වරයා ඉවත් වීමට නියමිත අතර එය පමා කිරීමට විවිද හේතු ඔහු විසින් ඉදිරිපත් කරමින් සිටී.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment