බස්නාහිර පළාත් සභා ජන්ද සටනට පායන තරු

එළඹෙන පළාත් සභා ජන්දයෙන් බස්නාහිර පළාත සඳහා තරඟ වැදීමට ජනප්‍රිය මුහුණු කිහිපයක්ම සූදානමින් පසුවෙති වාර්තා වේ. 

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හට සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාව වෙත ඉදිරිපත්වන ලෙස සන්ධානයේ ජේෂ්ඨයන් විසින් ඇයගෙන් ඉල්ලීමක් කොට ඇත. හිරුනිකා හා පක්ෂයේ නිලධාරීන් අතර සාකච්චා වට කිහිපයක්ම මේවනවිට පවත්වා ඇති අතර එහිදී හිරුණිකා තරඟ වදින අන්දම පිලිබඳ කතාබස්කොට ඇත. 

නමුත් හිරුනිකාගේ අවසන් තීන්දුව තවමත් ලැබී නොමැත. "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටයෙන් ආන්දෝලනාත්මක පුවත් මැවූ ගයේෂා පෙරේරාද බස්නාහිර පලාතෙන් ජන්දයට ඉදිරිපත් වීමට සිහින දකිමින් පසුවේ. 

ඇය ජන්දයට ඉදිරිපත්වීමට කැමැත්තෙන් පසුවුවත් පක්ෂයේ අදාළ නිලධාරීන්ගෙන් තවමත් ඇයට අනුමැතිය හිමිවී නොමැත. 

බෙනට් රත්නායක මහතාගේ පුත් උදාර රත්නායක මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර ජන්ද සටනට එළඹීමට නියමිත බව වාර්තා වේ. "ඉර හඳ යට" චිත්‍රපටය තුලින් ජනප්‍රියත්වයට පත් ඔහු උපාධිධාරියෙකි. 

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී බස්නාහිර පළාත් සභාව සඳහා මහා ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට රන්ජන් රාමනායක කැමැත්තෙන් සිටී. නමුත් ඒ සම්බන්ධව පක්ෂයේ අවසන් තීන්දුව මෙතෙක් ලැබී නොමැත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment