MGMR නෙට්වර්ක් සමාගමට අයත් මැක්ස් රේඩියෝ ගුවන් විදුලිය YOU FM ලෙස නැවත එළිදක්වා තිබේ. "ඔබේ හදගැස්ම හඳුනන රේඩියෝව" ලෙසින් අලුත්වී ඇති යූ එෆ්.එම් නාලිකාවේ වැඩසටහන් ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයන් දෙකෙන්ම විකාශය කිරීමට සැලසුම්කොට තිබේ.
2005 වසරේ මැක්ස් රේඩියෝව ආරම්භ කිරීමෙන් අනතුරුව වසර අටක් ගතවීමෙන් අනතුරුව එය මැක්ස් ආර් ලෙස නැවත එල දැක්වීමක් සිදුකල අතර එය සාර්ථක වුයේ නැත.
යූ එෆ්.එම් රේඩියෝවේ සභාපතිවරයා ලෙස මහින්ද රාමනායක කටයුතුකරන අතර ජනක රාමනායක කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරනු ලබයි.
MGMR මාධ්‍යය ජාලයට අයත් මැක්ස් ටීවී ද ඉදිරියේදී යූ ටී.වී ලෙස එළිදැක්වීමට සූදානමින් පසුවන අතර දැනට එය සාමන්‍යය විකාශ කටයුතු නවත්වා France24 නාලිකාව විකාශය කරමින් පවතී.
ඉදිරියේදී යූ ටී.වී නාලිකාවද සිංහල ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම විකාශන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තුවන බව වාර්තා වේ.
වැඩසටහන් පෙළගැස්ම පහතින් බලන්න.















Put the internet to work for you.
Post a Comment