හුලුගල්ලේට අය-වැයෙන් වෙන් කල මිලියන 24ට මොකද වෙන්නේ?

පසුගිය නොවැම්බර් 01 වනිදා සිට ජනාධිපති නියෝගයෙන් විසුරුවා හරින ලද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහා 2014 අයවැයෙන් රුපියල් මිලියන 24ක මුදලක් වෙන් කර තිබේ.

නමුත් එවැනි මුදලක් වෙන් කර ඇති එම අය වැය ජනාධිපතිවරයා විසින් ‍අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබුවේ නොවැම්බර් 21 වනදාය.

ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය විසිරුවා හැරීමෙන් පසු එම මුදල යන්නේ කාගේ සක්කුවට දැයි අය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙරේදා පැවති දේශපාලන වැඩසටහනකදී ප්‍රශ්න කර සිටියා.


ඔහු පැවසුවේ,

"අද අය වැය විවාදයට ගත්තා. ඒත් මිලියන 24ක් වෙන් කරලා තියනවා ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයට. මිලියන 24ක් වෙන් කරලා මේක විවාදයට ගන්නවා. ගන්න අතරතුර මේ ආයතනය විසිරුවා හරිනවා. මෙහෙමද බජට් එකක් හදන්නේ?

මේ ආයතනය විසිරුවා හරිනව නම් පෙරේදා දානවද මිලියන 24ක් බජට් එකට? ඒ විතරක් නෙවෙයි 2015 ට තියනවා තවත් මිලියන 25ක්. 2016 ට තියනවා තවත් මිලියන 24ක්.
"

එම වීඩියෝව පහතින්.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment