ලොව ජනප්‍රියතම පණිවුඩ සේවාව "WhatsApp" වේ!

ජංගම දුරකථන හරහා සිදුවන පණිවුඩ හුවමාරුවේදී යොදාගන්නා ජනප්‍රියතම සේවාව "WhatsApp" වෙත හිමිවී තිබේ.

මෙයට පෙර ලොව පුරා පණිවුඩ යැවීමේ මුල්තැන ගෙන තිබුනේ Fcebook Messenger ය.

පසුගියදා සමාර්ට්ෆෝන් හිමිකරුවන්ගේ සංවිධානය විසින් සංවිධානය කල සමීක්ෂණයකදී මේ බව හෙළිවී තිබේ. මෙම සමීක්ෂණය රටවල් පහක සමාර්ට්ෆෝන් හිමිකරුවන් 4000 ක් යොදාගෙන සිදුකොට තිබේ.


ඇමරිකාව, දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, චීනය යන රවට වල කල සමීක්ෂණයේ 44% දෙනෙකුම සිය ස්මාර්ට්ෆෝන් දුරකතනයේ භාවිතාකරන්නේ "WhatsApp" බව හෙළිවී තිබේ.

එම සමීක්ෂණයේ ප්‍රතිඵල පහත පරිදි වේ.

Whats App - 44%
Facebook Messenger - 35%
We Chat - 28 %
Twitter - 16%

Whatsapp සේවාව පළමු වසරේ නොමිලේ ලබාදෙන අතර එම අවුරුද්ද පුරා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයකින් තොරව සේවාව සපයනු ලැබේ. ඉන් අනතුරුව ඩොලර් 0.90 වැනි මුදලක් ගෙවා වසරක් පුරා WhatsApp සේවාව ලබාගත හැක.

2009 වසරේ එළිදැක්වූ මෙම මෘදුකාංගයේ නිර්මාතෲවන්න යාහූ සමගමේ සේවය කල ඇමරිකානු හා යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකි

මිලියන 700ක ජනතාවක් WhatsApp භාවිතා කරන අතර මේ හරහා දිනකට ජායාරූප මිලියන 400ක් හා පණිවිඩ බිලියන 27ක් හුවමාරු වේ.

Viber පණිවුඩ හුවමාරු මෘදුකාංගය මෙන් නොව Whatsapp හි අනවශ්‍ය පුද්ගලයන් බ්ලොක් කිරීමේ හැකියාවද පවතී

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා Whatsapp සේවාව ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්.
සිම්බියන්, ඇපල් හා අනෙකුත් දුරකථන සඳහා මෙතනින්.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment