Update : අතුරුදන් වූ ඇලි කැස්බෑවා මාලදිවයිනේ ද ?

කොස්ගොඩ - කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටියදී සොරකම් කළ බව කියන ඇලි කැස්බෑ පැටවා මාලදිවයිනේ සිටින බවට තමන් විශ්වාස කරන බව වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප‍්‍රකාශ කළා. සිය අමාත්‍යාංශයේදී අද මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

අදාළ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිමිකරුවන චන්ද්‍රසිරි ආබෲ ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියා. එහිදී ඔහු කියා සිටියේ මාලදිවයිනේ මිතුරෙකුට මෙම කැස්බෑ පැටවා ලබාදෙන ලෙස ගායක අමල් පෙරේරා කීප වරක්ම තමන්ට දැනුම් දුන් බවයි. 

එක් අවස්ථාවකදී මෙම මාලදිවයින් මිතුරාද අමල් පෙරේරා විසින් තම කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බවද ඔහු මෙහිදී සිහිපත් කළා.

IFTTT

via Personal Recipe 6136013

Post a Comment