කොළඹ දිනන සැලසුම නාමල් හෙළිකරයි !

  • හම්බන්තොටින් ගෙනල්ලා කොළඹ පදිංචි කරලා , ඒ අයගේ ජන්ද රෙජිස්ටර් කරලා ජනාධිපතිතුමාට ලේසියෙන්ම ජන්දේ දිනන්න පුළුවන්..බැරිද?

  • මට ගෙවල් දුන්නත් ඒකයි..නැතත් ඒකයි..

  • එක එකාට කඩේ යන්න ලැස්තිවෙන්න එපා..
     
  • ඇමතිකමක් දෙන්න පුලුවන්නම් මම ඉල්ලගන්නවනේ ඕයි..!
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා , තිලංග සුමතිපාල හා දුමින්ද සිල්වා සමගින් අද පෙරවරුවේ බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ කඩා ඉවත් කිරිමට යෝජිත නිවාසවල අයිතිකරුවන් මුණ ගැසිමට ගොස් ඇතිඅතර එහිදී එම ප්‍රදේශවාසින් සමග උණුසුම් කතා බහක් ඇතිවී ඇත. 

එහිදී එහි පදිංචිව සිටින ජනතාව බලෙන් ඉවත් නොකරන බව නාමල් විසින් පොරොන්දු වීමත් සමග ජනතාව අත්පුඩි ගසා ඔවුන්ගේ සතුට පළකළේය. 

එහිදී ඇතිවූ සංවාදය මෙසේය 

ප්‍රදේශවාසියෙකු : මුලිකම ප්‍රශ්නේ මේකයි. රුපියල් ලක්ෂයකුත් ඉල්ලනවා. රුපියල් 3900 ගානේ අවුරුදු 20ක් අපෙන් කුලියක් වශයෙන් ඉල්ලනවා..අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ කුලියක් නැතුව අපිට මේක දෙන්න කියල... 

නාමල් : දැන් මට ඕ‍ක තීන්දුවක් දෙන්න බැහැ. අපි දැන් ගිහිල්ලා සාකච්ඡා කරලා මොකද 3900 කියන එක කුලියක් නෙවෙයි. අපි කොහොමත් ගෙවල් ටික හදනවා... කොළඹට මේ ගෙවල් ටික ඕනේ...මොකද මාමා පිළිගන්නේ නැතුවට මාමාගේ ළමයි ටික පිළිගන්නවා. 

ජනාධිපතිතුමාට කොළඹ ඡන්දේ ඔනේනම් ලේසියෙන්ම හම්බන්තොටින් ගෙනල්ලා පදිංචි කරන්ඩ පුළුවන්.. බැරි ද? එහෙම දීලා ඒ කට්ටිය ජන්දේ රෙජිස්ටර් කළානම් අපි කොළඹ දිනනවා. 

ප්‍රදේශවාසියෙක් : ඇයි එහෙම කියන්නේ? අපි ඔබතුමාලා වෙනුවෙන් තමයි මේ සටන් කරන්නේ..ඔබතුමාලා වෙනුවෙන් අපි සටන් කරා..ඒකයි අපේ හිතට දුක.. 

නාමල් : හැබැයි මෙහෙමයි. එකක් තේරුම් ගන්න ඕනේ. කවුරු ඇවිල්ලා මොනා කිව්වත් බලෙන් අයින් කරන්න යන්නේ නෑ. 

ප්‍රදේශවාසින් : ජයවේවා!/// 

නාමල් : ඇහෙන්නේ නෑ ඇහෙන්න නෑ..අයියෝ....

ප්‍රදේශවාසියෙක් : ප්‍රශ්න වලට විසඳුම් ගන්න එපා චච චච ගාල.. 

නාමල් : නවත්තපන්කෝ ඔය සද්දේ පොඩ්ඩක් 

නාමල් : අනිත් එක මේකයි මට ඔයාලට ගෙවල් දුන්නත් වැඩක් නැ. නොදුන්නත් මට වැඩක් නැ. මොකද මගේ ඡන්දේ තියෙන්නේ මෙහෙ නෙවෙයි. මගේ මිනිස්සුන් ට මං එහේ ගෙවල් හදලා දීලා තියෙන්නේ. හැබැයි එක එකාට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා. 

ප්‍රදේශවාසියෙක් : මෙතුමා ඇත්තටම කවුරු මොනා කිව්වත් සර් ‍අපිත් එක්ක ලොකු සම්බන්ධතාවක් අපිත් එක්ක සාකච්ඡා පවත්වමින් සර් ඒ බලමණ්ඩල ආපහු කැඳවනවා. ඉතිං මෙතුමාට සමහර දේවල්වට විසදුම් දෙන්න බැ.මොකද ඉහළ ජනාධිපතිතුමා. මෙතුමාට කැ‍බිනට් එකේ ගන්න ඇමතිකමක් දෙන්න සර් එතකොට ප්‍රශ්නේ විසදෙනවා

නාමල් : ඇමතිකමක් දෙන්න පුලුවන්නම් මම ඉල්ලගන්නවනේ ඕයි..!

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment