වසර 4කට ළමා අපයෝජන 20,000ක් සිදුවුණත් හොඳම ළමා හිතකාමී රාජ්‍යය ලංකාව වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ළමුන්ට වන හිංසා පිටුදැකීමේ ආසියාතික සංවිධානයක් කළ සමීක්ෂණයකට අනුව දකුණු ආසියාවේ හොඳම ළමා හිතකාමී රාජ්‍යය බවට ලංකාව පත්වී ඇති බව වාර්තාවේ.

ළමුන්ට බලපාන ගැටළු අවම හෝලීය රටක් ලෙස එම වාර්තාවෙන් ලංකාව හඳුන්වා දී තිබෙන අතර මෙම වාර්තාව ඊයේ සවස ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.


ළමා සුභසාධනය සඳහා ජනාධිපතිවරයා ඉටුකරන සුබසාධනය නිසා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනාධිපතිවරයාට සමරු තිළිනයක්ද එම අවස්ථාවේ පිරිනමා ඇත.

  • ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සක්‍රිය කිරීම, 
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බලගැන්වීම, 
  • ළමා අපයෝජන පිළිබඳ තොරතුරු සඳහා 1929 ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදීම හා එය සාර්ථකව ක්‍රියාවට නැංවීම, 
  • ළමා සෞඛ්‍යසම්පන්න බව රැකගැනීම, 
  • ළමා මරණ අනුපාතය අඩු කිරීම
ආදිය මෙහෙදී සැලකිල්ලට ගෙන තිබෙන බව දැනගන්නට තිබේ.

මේ පිළිබඳව හෙළි කළ වීඩියෝව පහතින්.




වසර 4කට ළමා අපයෝජන 20,000 ක්‌

ළමුන්ට බලපාන ගැටළු අවම ගෝලීය රටක් වුවද 2009 වසරේ සිට 2012 දක්‌වා ළමා අපචාර 20,000 ක්‌ සිදුව තිබේ.

2012 වසර තුළදී පමණක්‌ ළමයින් 7,418 දෙනෙකු අපයෝජනයට ලක්‌ව ඇති අතර එයින් 3,800 ක්‌ දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් හිමිවන සිදුවීම්ය.

මේවායින් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිළි මෙසේය

2009 වසරේදී පැමිණිලි- 228යි
2010 වසරේදී පැමිණිලි- 337යි
2011 වසරේදී පැමිණිලි- 346යි
2012 වසරේදී පැමිණිලි -245යි

පළාත් දෙපාර්තමේන්තු නවයට වාර්තා වූ ළමා අපයෝජන මෙසේය

2009 වසරේදී පැමිණිලි- 2954යි
2010 වසරේදී පැමිණිලි- 4029යි
2011 වසරේදී පැමිණිලි- 4445යි
2012 වසරේදී පැමිණිලි- 7418යි


ළමා අපයෝජන නඩු 2,427 ක් අධිකරණයට

ඊයේ (17 වැනිදා) මන්ත්‍රී රෝසි සේනානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ ඇමැති රවුෆ් හකීම් පැවසුවේ 2009 සිට 2012 දක්‌වා ලංකාවේ ළමා අපයෝජන නඩු 2427 අධිකරණයට ඉදිරිපත්ව තිබෙන බවයි.

ළමා අපයෝජන නඩු 830 ක්‌ පසුගිය වසරේදී පමණක්‌ ඉදිරිපත්ව ඇති අතර 2011 දී පුද්ගලයන් 76 දෙනකු වරදකරුවන් කර ඇතැයිද ප්‍රකාශ කරන ලදි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment