බුද්ධංගල දළ ඇතා මරා දමයි - Tusker electrocuted

බුද්ධංගල රක්‍ෂිතයේ ගැවසෙමින් සිටි දළ ඇතකු අම්පාර වළකාපිටිය ප්‍රදේශයේදී ඊයේ (16දා) අලුයමදී විදුලිසැර වද්දා ඝාතනයට පත්කර ඇත.

 මෙසේ ඝාතනයට ලක්ව ඇති හස්තිරාජයා අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන බවත් ඇතාගේ ඇත්දළ යුගලයේ දිග අඩි 2ක් පමණ වන බව අම්පාර පශු වෛද්‍ය සංරක්‍ෂණ ඒකකයේ පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්පකුමාර මහතා පැවැසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වළකාපිටිය ග්‍රාමයේ කුඹුරු යායකට දමා තිබූ අධිබලැති විදුලි රැහැනකට හසුවීම හේතුවෙන් විදුලිසැර වැදී ඇතා මියගොස් ඇති බව ඇතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කරනු ලැබූ නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කෙළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම කුඹුරට විදුලි රැහැන් දැමූ පුද්ගලයා සමන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු එම පොලිස් ස්ථානය විසින් සිදුකරගෙන යනු ලබයි.


A tusker roaming in the Buddhangala Natural Reserve was electrocuted in the Walakapitiya-Ampara area on Sunday (15), area residents said.According to the Veterinary Officer of the Ampara Veterinary Conservation Unit, Dr. Nihal Pushpakumara, the age of the tusker was between 35 and 40 years, and its tusks are around two feet in length.
The post-mortem had established the cause of death as electrocution by a high tension wire pulled across a paddy field in Walakapitiya, in the Samanthurai Divisional Secretariat Division in the Ampara District.
Meanwhile, the owner of the paddy field had been arrested following the incident. Further investigations are being conducted by the Samanthurai Police.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment