මට "ගණිකාව" කිව්ව නිසයි "පොන්නයා" කියලා බැන්නේ- ගීතා

බෙන්තර ඇල්පිටිය සංවර්ධන කමිටු රැස්වීමට සභාපතිවරයාගෙන් ගීතා කුමාරසිංහට මිට පෙර අවුරුදු 3ක් ආරාධනා කල්ත් මෙවර ආරාධනා නොකිරීම මත ඇය බලෙන්ම පැමිණ සිටියා. ඇයගේ පැමිණීමත් සමඟ සභාවේ විශාල කාලගෝට්ටියක් ඇතිවූ අතර දෙපැත්තෙන් හුවමාරු වූ වචන අතර ගීතාට ගණිකාව ලෙස බැන වැදුණු බව ඇය පවසනවා.

තමන්ට එම රැස්වීමට සහභාගීවීමට ඇරයුම්පතක්ද තිබූ බවත්, තමන් වෙනුවෙන් වෙන් කල ආසනයක්ද තිබූ බවත් ඇය පවසන අතර ගීතාගෙන් බැනුම් ඇසූ අනෙක් මංත්‍රීවරු පෙරේදා සවස මාරාන්තික උපවසාය්ක් ආරම්භ කලේ ගීතා කුමාරසිංහ බෙන්තර ඇල්පිටිය සංවිධායක ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ය.

මේ පිළිබඳව උපවසයේ යෙදුණු මංත්‍රීවරු පවසන්නේ මෙවැන්නක්.

"අපි මෙතනට ආවේ මාරාන්තික උපවාසයකට. මේ උපවාසය නවත්තන්නේ අතිගරු ජනාධිපතිතුමා හෝ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා හෝ ගීතා කුආරසිංහ ඉවත් කළා කියලා පණිවිඩය ආවොත් විතරයි.

සම්බන්ධීකරන කමිටුවට එන්නට අවසර තිබෙන්නේ රජයේ නියෝජිතයන්ටයි, මහජන නියෝජිතයෙකුටයි විතරයි. ගීතා කුමාරසිංහ කියන්නේ ප්‍රාදේශීය සභාවකවත් මංත්‍රී කෙනෙක් නෙවෙයි. රජයේ නිළධාරියෙක් වත් නෙවෙයි. තවදුරටත් මේ වට්ටි අම්මාට බෙන්තර ඇල්පිටිය සංවිධායක ධූරයේ රැඳෙන්න අපි ඉඩ තියන්නේ නෑ. ඉගනගත්තේ නැති. නොහික්මුණු, මේ කාන්තාව සිනමා නිළිය මට පරිභව කළේ.

පෞද්ගලිකව මට ඊයේ "පොන්නයා" කිව්වා. මේක මට වත් වීරකෝන් මැතිතුමාටත් කරපු පෞද්ගලික පරිභව කිරීමක් නෙවෙයි, මේක බෙන්තර ඇල්පිටිය ජනතාවට කරපු පරිභවකිරීමක්. ඇයගේ රංගනය ගැන නෙවෙයි අපිට තියන ප්‍රශ්නේ. හැබැයි ඇය අද මූළු ලංකාවටම කියලා දීලා තියනවා කවුද ගීතා කුමාරසිංහ කියන්නේ කියලා.
"

මේ පිළිබඳව ගීතා කුමාරසිංහ පවසන්නේ මෙවැන්නක්.

"අජිත් ප්‍රසන්න මට තදින් බැනගන ගියා. මම කිව්වා ඔබ තමයි මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න, කැසිනෝ වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා. එහිදී ඔහු මට බැන වැදුනා "උඹ තමයි ගණිකාව" කියලා, මම එහිදී කිව්වා "පොන්න කතා කියන්න එපා" කියලා. මම තුන් වරක්ම මේ රටේ ජනප්‍රිය නිළිය වුනා. පේදුරුතුඩුවේ මිනිස්සු වුනත් දන්නවා මම මුදල් උපයන්න නෙවෙයි දේශපාලනයට ආවේ කියලා. මම දකුණේ මහ ඇමති වෙනවා කිව්ව දවසේ ඉඳලා ඔවුන් මට පහර දෙනවා

නිළියන් ගණිකාවන් කරමින් ඉතාම අසික්කිත භාෂාවෙන් මට බැන වැදුණා. මම ඒ වෙලාවේ බලාපොරොත්තු වුණා සම්බන්ධීකරන කමිටුවේ සභාපති කියයි කියලා කරුනාකරලා වාඩි වෙන්න, හරියට කතා කරන්න කියලා. නෑ ඒ වෙලාවේ එතුමාත් නැඟිටලා කිව්වා ඔබතුමිය අපිට මේ වෙලාවේ මෙතනට අවශ්‍ය නෑ, යන්න කියලා.

මාරාන්තික උපවාසයක යෙදෙනවා නම් ඒක එයාලගේගේ කැමැත්ත. මට තිත්ත කුණුහරපයෙන් බැනලා, මම ඒකට වචනයක් කිව්වා කියලා ඒකට මාරාන්තික උපවාස කරනවා නම් මේක පුදුම ලෝකයක්. මට තියන නුසුදුසුකම මොකක්ද ඒ කමිටුවට යන්න? එහෙම නම් කොහොමද කරන්නේ සංවර්ධනය? කවුද ඒක ගැන දන්නේ?

බෙන්තර ඇල්පිටිය කියන්නේ මගේ ගෙදර. එකේන් එලවන්නට පක්ෂයේ කෙනෙකුටවත්, කාටවත් බෑ. අනිත් එක අජිත් ප්‍රසන්න කියන්නේ කවුද? එයා නිකන් පලාත් සභාවේ ඉන්න මංත්‍රී කෙනෙක්. මට කියපු වචනේ මේ රූපවාහිනියට කියන්න බෑ. එයා කියන්නේ හරි නපුංසක කතාවක්. මට නෙවෙයි නිළියෝ සේරම ගණිකාවෝ කියළා කිව්වේ. මේ රටේ සමස්ථ රංගන ශිල්පීන්ට කරපු අපහාසයක්.

ඔය අජිත් ප්‍රසන්න නෙවෙයි ඔතන කතා කරන්නේ. එයත් එක්ක ඒ පිටිපස්සේ තව දෙන්නක් තුන් දෙනෙක් ඉන්නවා. මොන බාධකය ආවත් මහ ඇමති ධූරයට මම තරඟ කරනවා.
"

දෙපාර්ශවයම කැඳව සුසිල් ප්‍රේම ජයන්ත මහතා සම්ඟ සාකච්ජාවක් ඉදිරියේදී ලබා දෙන බවට බද්දේගම සමිත හිමියන් විසින් ඊයේ සවස 6.00 ට පමණ ගෙන ආ පණිවිඩයකට අනුව මාරාන්තික උපවාසය නැවතුණි.

ඇතිවූ කාලගෝට්ටියේ හා ගීතාගේ ප්‍රකාශ පහතින්.










IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment