හොර නෝට්‌ටු නිෂ්පාදනාගාරයක්‌ මාට්‌ටු - Police discover forged currency in Kalutara

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ නිවසක ව්‍යාජ මුදල් නෝට්‌ටු නිෂ්පාදනය කරමින් රුපියල් 5000 සිට රුපියල් 500 දක්‌වා මුදල් නෝට්‌ටු අච්චු ගැසූ 27 හැවිරිදි තරුණයා ඊයේ වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

කළුතර හෝලික්‍රොස්‌ හන්දියේදී ජංගම කිරි අලෙවි රථයකින් රුපියල් 500 ක මුදල් නෝට්‌ටුවක්‌ දී පැණි බෝතල් කාලක්‌ මිලදී ගැනීමට තැත් කිරීමේදී දකුණු කළුතර පොලිසියේ සැරයන් (3464) අජිත් හා සැරයන් (18236) ලංකාතිලක යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්‌ටු 24 (රුපියල් දොළොස්‌ දහසක්‌) සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි සුගත් ගලගමගේ, කළුතර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ යන මහත්වරුන් සැකකරුගේ ප්‍රකාශ මත ඔහුගේ මොල්ලිගොඩ නිවස පරීක්‍ෂා කර ව්‍යාජ රුපියල් 500 නෝට්‌ටු 137 ක්‌ද , 1000 නෝට්‌ටු 5 ක්‌ ද, රුපියල් 5000 නෝට්‌ටු 2 ක්‌ ද මුදල් නිෂ්පාදනය කිරීමට ගත් කඩදාසි, පරිගණක යන්ත්‍ර ද අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු වන සචින්ද නේෂාන් ප්‍රනාන්දු නමැති මොහු කළුතර නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස්‌ පෙළ දක්‌වා ඉගෙනුම ලැබූ අයකු බව ද පොලිසිය පවසයි.

මෙම සැකකරුට එරෙහිව මන්නාරම අධිකරණයේ ව්‍යාජ මුදල් ළඟ තබා ගැනීම පිළිබඳව නඩුවක්‌ ද ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

An individual has been arrested with a stock of counterfeit currency notes in his possession from the Kalutara area.

Police Media Spokesperson SSP Ajith Rohana stated that the suspect was apprehended on Tuesday afternoon when he was in the vicinity of a bank. Twenty four counterfeit currency notes of Rs.500 denomination – were allegedly found in the suspect's possession.

Police stated that they also seized two Rs.5,000 notes, five Rs. 1,000 notes and 137 five hundred rupee notes, as well as 40 undenominated notes from the suspect's residence. The Kalutara South Police is conducting further investigations into the incident.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment